Ads 468x60px

.

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවලු - හැංගි හැංගි වෙස් බඳින අනර්කලී


හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවලු. අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, පළාත් සභා මන්ත්‍රිවරියක් මේ දවස්වල හැංගි හැංගි වෙස් බඳිනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි එයාගෙ ජීවිතේ අතිශය පෞද්ගලික කාරණාවක් වෙනුවෙන්.

ඇය අන් කවරෙක්වත් නෙවෙයි අනර්කලී ආකර්ෂා. අනර්කලී මේ දවස්වල ලංකාවෙ නැහැ. ඇය දැන් ඉන්නෙ ඇමෙරිකාවේ. අනර්කලී ඇමෙරිකාවට ගියේ සංචාරයකට නෙමෙයි. බොහොම සුවිශේෂී

කාරණාවකට. ඒ ඇයගේ විවාහය වෙනුවෙන්.

පුදුමයි නේද? ඒත් පුදුම වුණත් ඒක ඇත්තක්. ඇය මේ දිනවල ලහි ලහියේ විවාහයට සූදානම් වෙනවා. අනර්කලීගේ අනාගත සැමියා ජීවත්වෙන්නේ ඇමෙරිකාවේ. හැබැයි විදේශිකයෙක් නෙවෙයිලු. ආරංචියේ හැටියට ඔහුත් ලාංකිකයෙක්. 


රටින් ගිහින් රහසිගතව විවාහ මංගල්‍ය සැලසුම් කරන්න, අනර්කලීට සාධාරණ හේතු තියෙනවා කියලයි ඒ ගැන දන්න අය නම් කියන්නේ. කොහොම වුණත් මේ අවුරුද්ද නිමා වෙන්න කලින් ඔන්න අනර්කලීත් පතිනියක් වෙනවලු.

ඇමෙරිකාවේ මංගල උත්සවය සංවිධානය කරලා තිබුණට ලංකාවේ කීප දෙනෙක්ම ඒ වෙනුවෙන් සහභාගි වෙනවා කියලා තතු දත් ආරංචි මාර්ග කියනවා. විශේෂයෙන්ම මංගල උත්සවයට අවශ්‍ය මංගල උත්සව සේවා සපයන්නන් කිහිපදෙනෙක්ම මේ වන විටත් අනර්කලීගේ විවාහය වෙනුවෙන් ඇමෙරිකාව බලා පියාසර කරන්න සූදානමින් ඉන්නවලු.

කොහොම වුණත් අනර්කලී ආකර්ෂා කියන්නේ අපේ රටේ රංගන ශිල්පිනියක්. ඇගේ දේශපාලන භූමිකාව කුමක් වුවත් රංගනයෙන් ඇය ලාංකේය රසිකයන් පිනවූවා. ඒ නිසා රංගන ශිල්පීන්ගේ නාම ලේඛනයෙන් ඇගේ නම ලෙහෙසියෙන් අකා මකා දමන්න බෑ. 


විවාහයෙන් පස්සේ අනර්කලී ඇමෙරිකාවේ නවතීද කියන්න අපට බැහැ. ඒ තීරණය තියෙන්නේ ඇගේ අතේ. ඒත් අනර්කලී විවාහයෙන් පස්සේ තම පෙම්බර සැමියාත් එක්ක ලංකාවට එනවලු. 

ගුවන්තොටුපොළේදී ඇය ඇගේ රසිකයන් පුදුමයට පත්කරනවාලු. අනර්කලීගේ අනාගත සැමියා දැකගන්න අපිත් නොඉවසිල්ලෙන් ඉන්නේ. දුර රටකට ගිහින්, තමන්ගේ සමීපතමයන්ගෙන් වෙන්වී විවාහ වුණත් අනර්කලී අපි ඔබට සුබම සුබ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා!
 
Related Posts with Thumbnails