Ads 468x60px

.

රතන හිමිගේ Facebook එක Hack කල හේතුව


ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ Facebook ගිණුම හා Email ගිණුම කිසියම් පිරිසක් විසින් Hack කොට ඇති බව වෙබ් අඩවි කිහිපයකම මීට‍ පෙර වාර්තා වුණා. 

කාලීන සිදුවීම් පිලිබඳව නිරන්තරයෙන් අවධියෙන් සිටින හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වන අපත් මේ සිද්ධිය පිළිබඳව සොයා බැලුවා. අපිට දැන ගන්නට ලැබුණ හැටියට රතන හිමියන් විසින් යාවත්කාලීන කරගෙන යන උන්වහන්සේගේ ගිණුම අවලංගු කිරීමකට ලක් කොට ඇත්තේ
සේවා සැපයූ එම සමාගම් විසින් නොව ලංකාවේ කිසියම් පිරිසක් විසින් බවයි.

මේ වන විටත් හදුනානොගත් පිරිසක් විසින් උන්වහන්සේගේ ගිණුම් වලට ඇතුළු වී ඒවා අවලංගුකොට දමා ඇති බවද උන්වහන්සේ මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මීට අමතරව පසුගිය 10 වනදා රාත්‍රියේ රතන හිමියන්ගේ රාජගිරියේ විහාරය වෙත බීමතින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් විසින් එම විහාරයේ ආරක්‍ෂාවට යොදවා සිටි ග‍්‍රාමාරක්‍ෂකයින්ව ඔවුන් පැමිණි වාහනයට බලෙන් නංවාගෙන ගොස් ඇති බවටද තොරතුරු වාර්තා වුනා.


පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටක් නමින් ජනතාව දැනුවත් කරමින් 19 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනයක් පිළිබදව කරන කතාබහ තුළින් උන්වහන්සේට මෙවැනි බලපෑම් ඇතිවන බවයි සදහන් වන්නේ.


එමෙන්ම පාඨලී චම්පික රණවක මහතාද ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිටින නිසාවෙන් ඔහුට විරුද්ධවද ඉදිරියේදී උසාවි කි‍්‍රයාමාර්ග කිහිපයක් ගැනීමට නියමිත බවයි අනාවරණය වන්නේ.
 
Related Posts with Thumbnails