Ads 468x60px

.

බ්‍රිතාන්‍ය ජාතික යුවළට ගුටි දුන් මාලකගේ ආරක්‌ෂකයන් හය දෙනා අත්අඩංගුවට


බම්බලපිටිය "රිදම් ඇන්ඩ් බ්ලූස්‌" රාත්‍රී සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී විදේශ තරුණිය පැහැර ගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් හය දෙනා කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආරක්‌ෂකයන් අතර ඇමැති මර්වින් සිල්වාගේ ආරක්‌ෂාවට සිටි ඇමැති ආරක්‌ෂක අංශ නිලධාරීන් දෙදෙනකු, මාලක සිල්වාගේ මිතුරන්
තිදෙනකු සහ පෞද්ගලික ආරක්‌ෂක අංශ නිලධාරියකු සිටින බව පොලිසිය පවසනවා.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වමින් සිටියදී ඔවුහු කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ඊයේ (17 වැනිදා) පෙරවරුවේ භාර වූණා. පසුව
ආරක්‌ෂකයන් හය දෙනා අත්අඩංගුවට ගත් පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවේ සිය පෙම්වතා සමඟ සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට පහරදී ඇයට ලිංගික අතවර කර පැහැරගෙන යැමට තැත් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සිද්ධියේදී පහර කෑමට ලක්‌වීම නිසා තුවාල ලැබූ මාලක සිල්වා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි
නවා. ඊයේ අත්අඩංගුවට ගත් ආරක්‌ෂකයන් හය දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සැකකරුවෝ හය දෙනා පන්නිපිටිය, කුරුණෑගල, ගලගෙදර, මාදින්නාගොඩ, රාජගිරිය හා කැලණියේ පදිංචිකරුවෝ වෙති.කොළඹ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 
Related Posts with Thumbnails