Ads 468x60px

.

ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාවලු


ලෝකයේ රටවල් රැසක් ආශ‍්‍රයෙන් කරන ලද සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඊට අනුව ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාව වන අතර ලංකාවට දෙවනි වන්නේ ඉන්දියාවයි.

වැඩියෙන්ම හෝන් ගැසීමට ප‍්‍රධාන හේතු ලෙස අනාවරණය වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ඉවසිල්ලක් නැතිකම හා නූගත්කමයි. හෝන් එක කියන්නේ එක්තරා විදිහක ආයුධයක්. ඒකෙන් මිනී මරන්න උනත්

පුළුවන්. ඩෙසිබල් 70 ට වැඩි ශබ්ද මනුෂ්‍ය ශරීරයට අහිතකරයි.

මෙරට වාහනවල තියෙන නලා අතිබහුතරයකින් පිටකරන ශබ්දය ඩෙසිබල් 70 ට වැඩියි. එවැනි අහිතකර ශබ්දයකින් කණ් බෙරයට හානි වෙනවා. මෙහි අතුරු ප‍්‍රතිපලයක් විදිහට ශරීරයේ සමබරතාවය නැතිවීම හා විවිධ ශ‍්‍රවණාබාධ ඇතිවෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ ඉක්මන් කෝපයටත් එක හේතුවක් තමයි අධික හඩින් යුතු නලා භාවිතය.

සමීක්ෂණයෙන් හෙළිඋන තවත් වැදගත් කරුණක් තමයි වැඩියෙන්ම හෝන් ගහන්නේ ප‍්‍රයිවට් බස් වලින් කියන එක. බස් රියදුරන් කිසිම ඉවක් බවක් නැතිව හෝන් ගහනවා. මේවා පාලනය කරන්න විධිමත් පාලනයක් ලංකාවේ නැහැ.

පරිසර ඇමතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය හෝන් අවභාවිතය නියාමනය කරන්න වැඩසටහනක් දියත් කලා. ඒක එක දවසකට විතරක් සීමා උනා. ඇමරිකාව වගේ දියුණු රටවල රියදුරු බලපත‍්‍ර ගන්න පරීක්ෂණයේදී හෝන් නාද කලොත් පරීක්ෂණය අසමත් කරනවා. පෞද්ගලික නිදහස වෙනුවෙන් ඒ රටවල් කැපවෙනවා.

ඒත් ලංකාවේ තියෙන පරිසරය මේ වගේ තත්ත්වයකදී මනුෂ්‍ය ජීවිතයට නුසුදුසු වෙනවා. බස් රියදුරන්ට පසුව වැඩියෙන්ම හෝන් නාද කරන්නේ තී‍්‍ර රෝද රථ රියදුරන් හා යතුරුපැදි කරුවන්. ඒ අය කුඩා ඉඩකින් රිංගා යන්න නොනවත්වාම හෝන් ගහනවා. 


වායු සමීකරණය කල වාහන වල සිටින රියදුරන්ට හෝන් ශබ්දයනේ ඇහෙන්නේ 1/10 යි. එවැනි රියදුරන් ඉවක් බවක් නැතුව හෝන් ගහනවා. ඒත් ඒ හෝන් ගැහිල්ලෙන් අවට සිටින සිය ගණනක් පීඩාවට පත්වෙනවා.

පරිසර නීතිය නිසිලෙස කි‍්‍රයාත්මක වෙනවානම් මේ ගැටළු මතුවන්නේ නැහැ. හෝන් භාවිතය පිළිබදව ආධුනික රියදුරන්ට නිසි දැනුමක් ලබාදෙන වැඩපිළිවෙලක් ලංකාවේ නැහැ.
 
Related Posts with Thumbnails