Ads 468x60px

.

කෞතුකාගාරෙට ආයෙමත් වැඩක් දීලා.


ජාතික කෞතුකාගාරයේ රෙදි පිළි හා මැටි භාණ්ඩ ප‍්‍රදර්ශන කුටියේ අගුළු කඩා තිබීම සම්බන්ධයෙන් එහි වැඩ බලන අධ්‍යක්ෂිකා තුෂාරි කස්තුරි ආරච්චි කුරුඳුවත්ත පොලීසියපැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (16) රාත‍්‍රියේ මෙම අගුළු කැඞීම සිදුව ඇති බවටයි ඇය පොලීසිය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ. ජාතික කෞතුකාගාරයේ ඉහළ මාලයේ පිහිටි මෙම කුටියේ පෞරාණික රෙදිපිළි සහ මැටි භාණ්ඩ තැන්පත් කර

තිබෙනවා. කෙසේ නමුත්, එම භාණ්ඩ කිසිවක් නැතිවී නොමැති බව කෞතුකාගාරයේ වැඩබලන අධ්‍යක්ෂිකාව ප‍්‍රකාශ කළේ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

මීට පෙර අවස්ථාවකද කොළඹ ජාතික කෞතුකාගාරය කඩා එහි තිබූ සියවස් ගණනක් පැරැණි කඩුකස්තාන, රජවරුන් පරිහරණය කළ භාණ්ඩ සහ රන් කහවනු ඇතුළු මිල කළ නොහැකි පෞරාණික කෞතුක භාණ්ඩ තොගයක් සොරාගෙන තිබුනා. 


ජාතික කෞතුකාගාරයේ සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරා පද්ධතිය අකී‍්‍රයව පැවති තත්වයකදී මෙම සොරකම සිදුවූවා. විශේෂත්වය නම් පෙර සිදුවීමත් මෙවර සිදුවීමත් සිදුවූයේ 16 වැනිදාවකම වීමයි.

පෙර අවස්ථාවේ සොරකමට ලක්වූ භාණ්ඩ ලැයිස්තුව මෙසේය…

1. 13 සහ 15 වැනි සියවස්වලට අයත් රන් කාසි 93ක්
2. 13 සහ 15 වැනි සියවස්වලට අයත් රිදී කාසි 50ක්
3. ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් විවිධ ලෝහ වර්ගයේ කාසි 9ක්
4. ක‍්‍රි.ව. 08 වැනි සියවසට අයත් රන් කහවනු 28ක්
5. විශේෂිත අවස්ථාවලදී නිකුත් කරන ලද සමරු කාසි 13ක්
6. රුපියලේ මුදල් නෝට්ටුවේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු 35ක්
7. 17 සහ 18 වැනි සියවස්වල නුවර යුගයේ විසූ නුගවෙල අධිකාරම්ට අයත් කඩුවක් සහ බඳ පටියක්, බස්තමක උඩ කොටසක්
8. 17 සහ 19 සියවස්වලට අයත් කඩු කස්තාන 10ක්
9. ක‍්‍රි.ව. 3 වැනි සියවසට අයත් මුද්දක්
10. 19 සහ 20 වැනි සියවස්වලට අයත් මුතු අල්ලන ලද මුදු කිහිපයක්.
 
Related Posts with Thumbnails