Ads 468x60px

.

එංගලන්ත ජාතික තරුණියට අමානුෂික අන්දමින් පහර දුන් මාලක සිල්වා සී. සී. ටී. වී. කැමරාවේ


බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රී සමාජ ශාලාවේදී විදේශික යුවළකට අමානුෂික ලෙස පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත් අඩංගුවට ගෙන ඇති පුවත අප ඊයේ දිනයේ ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් සී. සී. ටී. වී. කැමරා ඔස්‌සේ කළ
පරීක්‍ෂණයකින් හඳුනාගෙන ඇති බවයි.

විදේශික යුවළකට පහර දුන් මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින මාලක සිල්වා හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා අද (04 වැනිදා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව
තිබෙනවා.

එංගලන්ත ජාතිකයා රාත්‍රී සමාජ ශාලාවේදී තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි
නවා. මාලක සිල්වා බන්ධනාගාර ගත කරන ලද්දේ රෝහල වෙත ගිය මහෙස්‌ත්‍රාත්වරයා ඔහු පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවයි.

මාලක සිල්වා බන්ධනාගාර රැකවරණය යටතේ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. රාත්‍රී සමාජ ශාලාවේදී නර්තනයේ යෙදී සිටි එංගලන්ත ජාතික තරුණිය සමඟ ආරවුලක්‌ ඇතිකරගත් මාලක සිල්වා ඇයට පහරදී ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වුනා.

පසුව මාලකගේ ආරක්‌ෂකයන් එංගලන්ත ජාතික තරුණියට සහ ඇගේ පෙම්වතාහටද අමානුෂික අන්දමින් පහරදී පලා ගොස්‌ තිබුණා.
 
Related Posts with Thumbnails