Ads 468x60px

.

චාමර වීරසිංහ තමාට උපත දුන්න පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම හැරයයි.


දකුණෙන් බිහිවුන පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදියට අපිට මතක ඇති කාලෙක ඉඳලා ගමේ නගරේ හැම තැනම, බාල තරුණ මහළු කාගේත් ගී රසවින්දනයේ අයිතිකාරය වුන කෙනෙක් තමාට උපත දුන්න පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා.

ඉතින් තවත් එක්කෙනෙක් පැත්ත මාරු කලා කියලා ආරංචි වුනාම ඔබ ටිකක් ගැස්සිලා බලනවා ආයේ දෙකක් නෑ. ඒත් මාරු වුන කෙනා චාමර
වීරසිංහ කියලා කීවොත් ඔබේ පපුව හෝස්ගාලා යනවා.

අපට ලැබුණු උණු උණු ආරංචිය ඒකයි. ඒ කතාව කණට වැටුණු ගමන්ම ඇත්ත නැත්ත මොකක්ද කියලා අපි හොයලා බැලුවා.

චාමර ඉලෙක්ට්‍රොනික් සංගීතයට එච්චර කැමති නැතිලු. ඒ නිසා තව දුරටත් පර්පල් රෙන්ජ් එක්ක ඉන්නේ නැතිව තමන්ම "එකෝස්ටික් (Acoustics)"සංගීත කණ්ඩායමක් පටන් ගන්නලු යන්නේ..

චාමර වීරසිංහ පර්පල් රේන්ජ් අතහැරියට පස්සේ පැවැත්මක් තියෙයිද ? දැන් අපිට එන ඔය ප්‍රශ්නෙට උත්තරේ සමහරවිට ලඟදීම හම්බවෙන්නත් පුලුවන්. එහෙම කියන්නේ ඉලෙක්ට්‍රොනික් සංගීතයට අකමැති සංගීත්, සනිධප අතෑරලා වායෝ පටන් ගත්තා. 


ඒ ඔහු එකෝස්ටික් (Acoustics) සංගීතයට කැමති නිසා. එකෝස්ටික් (Acoustics) සංගීතයට කැමති චාමරත් සමහර විට ඒ වගේ සංගීත කණ්ඩායමක් එක්ක ඔබ ඉස්සරහට ළඟදීම එයි. ඉතින් මේ මාරුවෙත් වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න.
 
Related Posts with Thumbnails