Ads 468x60px

.

Facebook වෙතින් තවත් අපූරු ඇප් එකක් !


සෑම මාසයකම Facebook Group පාවිච්චි කරන පිරිස මිලියන 700කට අධිකයි. ඒත් ෆේස්බුක් app එකේ නම් Facebook Group පාවිච්චි කරන එක ටිකක් විතර අපහසු වැඩක්. ඒ නිසා ඒ වෙනුවෙන් වෙනමම අලුත් app එකක් හඳුන්වා දෙන්න ෆේස්බුක් සමාගම තීරණය කරලා. 

මේ අලුත් ඇප් එක හරහා ඔයාලට පුළුවන් පහසුවෙන් Groups හොයා ගන්න, Groups වල යාළුවෝ එක්ක ගනුදෙනු කරන්න. ඒ වගේම Group වල Notification වුනත් control කරන්න මේ අලුත් ඇප් එකෙන් පුළුවන්.

groupmakegroups-icon.0 iOS සහ Android වෙනුවෙන් නිකුත් කර ඇති මේ අලුත් Facebook Group ඇප් එක හරහා ඔයාලගේ හොඳම

යාළුවෝ එහෙමත් නැත්නම් ඔෆීස් එකේ යාළුවෝ වගේම ඔයා කැමති දේවල් වලට අදාල Group වලට එකතු වෙන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. 

ඒ වගේම ජංගම දුරකථනය හරහා පහසුවෙන් අලුතෙන් Group එකක් නිර්මාණය කරන්න වුනත් පුළුවන්.

Facebook ප්‍රධාන ඇප් එක වගේ පෙනුමකින්ම යුත් මේ ඇප් එක ඊට වඩා තරමක් වේගවත්. ඒ වගේම අත්‍යවශය දේවල් වලට පහසුවෙන් හා ඉක්මනින් access ලබාදී තිබීමත් විශේෂත්වයක්. ඉතින් ඔයාත් Facebook Group කරගෙන යන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ගෘප් වල පදිංචි වෙලා ඉන්න කෙනෙක් නම් මේ ඇප් එක බොහෝමත්ම ප්‍රයෝජනවත් වේවි.

ඉතින් ඔයාලත් iOS සහ Android සඳහා නිකුත් කර ඇති මේ අලුත් Facebook Group ඇප් එක පාවිච්චි කරලා ඔයාලගේ අදහසුත් අපිට කියන්න.






 
Related Posts with Thumbnails