Ads 468x60px

.

ලුනුගල නොසන්සුන් කළ මැණික් වැස්සේ ඇත්ත කතාව


ලුනුගල නොසන්සුන් කළ මැණික් වැස්සේ සත්‍ය කතාව හෙළිදරව් වී තිබෙනවා. මැණික් අලෙවිකරුවකු පතල්හෑරීමේදී හමුවන මල්රබා නමැති ගල් කිලෝ 15ක් අඩංගු මල්ලක් තම යතුරුපැදියේ පිටුපස බැඳගෙන ගම්පොළ සිට ලූනුගල හරහා බදුල්ල දක්වා රැගෙනයමින් සිට ඇත.

මල්ලේ තිබූ සිදුරක් හේතුවෙන් මගදිගට මල්රබා ගල් කැබලි වැටී
තිබෙනවා. ඔහු පස්සර කේ. රාමකුමාර් මහතාගේ ව්‍යාපාරික ස්ථානයට
පැමිණෙන විට මල්ලේ තිබී ඇත්තේ ගල් කිලෝවක් පමණි. ගල් කිලෝ 15ම ඔහු විසින් මිලදීගෙන තිබුනේ රු. 35,000කට ය.

මැණික් පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති ගම්වාසීන් මේවා මැණික් ලෙසින් හැඳින්වුවත් මැණික් ව්‍යාපාරයේ දී ගානට් හෙවත් මල්රබා යනුවෙන් මේවා හැඳින්වේ.

ලූනුගල ගම්වාසීන් විසින් පොරබදමින් අහුලා ඇත්තේ මෙම මල්රබා ය. මෙම මල්රබා ගල් කැරට් 10 සිට 15 දක්වා වෙන් වෙන් වශයෙන් කිලෝව රු. 500-2000ක් දක්වා අලෙවි කළ හැකිය. මෙම ගල් විශේෂය විසිතුරු නිර්මාණ කොට විදේශිකයන්ට අලෙවි කරන බවත් එ්වාට ඇත්තේ ඉහළ ඉල්ලූමක් බවත් ඔහු සඳහන් කළේ ය.

කෙසේවෙතත් ලූනුගලට ඊයේ අදහැලූණු වර්ෂාවෙන් පසු පාරේ වැටී තිබූ මෙම ගල් කැබලි දුටු ගම්වාසීන් සිතුවේ මැණික් වැස්සක් ඇදහැලූණු බවයි. මේ හේතුවෙන් ලූනුගල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවී තිබුණි.
 
Related Posts with Thumbnails