Ads 468x60px

.

පෙම්වතාගෙන් වෙන්වෙන්න බෑ කියා රිරෝද රියෙන් පැන්න තරුණිය


තම පෙම්වතා මගහැර යැමට අකමැති වූ තරුණ පෙම්වතිය පියා සමඟ ත්‍රීවීල් රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රීවීලරයෙන් බිමට පැනීම නිසා අනතුරට පත්වී කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යුද හමුදා සේවයෙන් විශ්‍රාමලත් පියා දැන් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියෑදුරෙකි. ඔහුගේ තරුණ දියණිය ඇගේ පෙම්වතා සමඟ කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළේදී අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මොහොතේ එය දැක ඇති පියා උරණ වී දියණිය සමඟ ඇගේ පෙම්වතා කුරුණෑගල

පොලිසියට භාරදී තිබෙනවා.

පොලිසියේදී ඔවුන් දෙදෙනාට අවවාද කර
තිබෙනවා. පසුව සිය පියාගේ ත්‍රිරෝද රථයෙන් නිවස කරා රැගෙන යමින් සිටියදී පොලිස්‌ ස්‌ථානය සමීපයේදීම ඇය ත්‍රිරෝද රථයෙන් බිමට පැන තිබෙනවා. මේ නිසා ඇය අනතුරට පත්ව තිබෙනවා.

මේ මොහොතේ දියණියගේ පෙම්වතාද අනතුර සිදුවූ ස්‌ථානයට නොදුරින් සිටි නිසා ඔහු පැමිණ පියාගේ ත්‍රිරෝද රථයෙන් දියණිය වත්තන් කර ගෙන කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවා.
 
Related Posts with Thumbnails