Ads 468x60px

.

Face Book Chat සහ ගාල්ලේ කලේගානේ යොවුන් තරුණයා


ගාල්ලේ කලේගානේ ජීවත් වූ නව යොවුන් තරුණයෙක්‌ Face Book සමාජ ජාලයට ඇබ්බැහි වෙයි. ඔහු උදේ සිට සවස්‌ වනතුරුත් එතැන් සිට එළිවනතුරුත් සිටින්නේ Lap Top එක දිහා බලාගෙන ය. ඔහු Face Book හරහා දිනකට තිහ හතළිහක්‌ දෙනා සමඟ Chat කරන බව පෙනෙයි. 

මේ චැට්‌ මොනවාද?  

එක්‌කෝ මේවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය පිළිබඳ චැට්‌ විය යුතු ය. එහෙමත් නැත්නම් මහින්දට තුන් වරක්‌ පුළුවන්ද යන්න ගැන විය යුතු ය. ඒ දෙකම නොවේ නම් අතුරලියේ රතන අපේ හාමුදුරුවන් වහන්සේ, චම්පික රණවක සහ උදය ගම්මන්පිල නමැති සැදැහැවත් ශ්‍රාවකයන් දෙදෙනා සමඟ කවර පක්‍ෂයට යනු ඇද්ද ගැන ඔහු චැට්‌ කළා විය හැකි ය. 

මීටත් අමතරව සාකච්ඡා කළ හැකි තවත් කාරණා කිහිපයක්‌ තිබේ. ඒවා නම් එක්‌කෝ Crime හෙවත් අපරාධ ය. එක්‌කෝ Sex හෙවත් සෙක්‌ස්‌ ය. Sex යන්නට අර්ථකථනයක්‌ දීමට තරම් මුහුකුරා ගිය මනසක්‌ මෙය ලියන මහලු අපට නැත. ඒ පිළිබඳ සියලු දැනුම සියලු රස සමගින් තරුණ පරපුර සතුව ඇත.

ඉතින් හිතවතුනි, ගාල්ලේ කලේගානේ සිටි අප නව යොවුන් තරුණයා මෙසේ චැට්‌ සඳහාම සිය කාලය සහ ශ්‍රමය කැප කර සිටින මෙසමයෙහි දිනෙක රැයෙහි Face Book හරහා ඔහු වෙත තර්ජනාත්මක පණිවුඩයක්‌ එයි. එය දකින තරුණයා බියෙන් සලිත වෙයි. 


එහෙත් අම්මා නම් කියන්නේ එය ගණන් නොගන්නා ලෙසයි. පසු දින Face Book හරහාම ලැබුණු කැඳවීමක්‌ ඇතිව හෝ නැතිව ළමයා නිවසින් පිටවී යයි. ඔහු ආගිය අතක්‌ නැත. පසුව තරුණයකුගේ මළ සිරුරක්‌ හමු වෙයි. එය තම දරුවාගේ සිරුර නොවන බව අම්මා කියයි.

මෙතැන් සිට මිනිසුන් පලු අරින්නේ Face Book එක සහ එය හඳුන්වා දුන් ඇමරිකන් කාරයා වන මාර්ක්‌ සකර්බර්ග් නමැති තරුණයාගේ දෙමාපියන්ගේය. තරුණයාගේ අතුරුදන්වීමට Face Book ජාලය සම්බන්ධ ද නැද්ද යන්න තවම හෙළිව නැත. 


එහෙම හෙළි කරගැනීමට ද දුෂ්කර වන අතර එයට හේතුව තරුණයාගේ Face Book Account එකට log වීමට හෙවත් පිවිසීමට එහි මුර වදන හෙවත් Pass Word එක තරුණයා හැර වෙනත් අය දැන නො සිටීම ය.

තරුණයා අන්තිම වරට Chat කළේ කා සමඟ ද යන්නත් ඔහුට අවසන වශයෙන් පැමිණි Face Book පණිවුඩය කුමක්‌ද යන්නත් දැන ගැනීමට එහි පිවිසීම සඳහා මේ Pass Word එක නැතුවම බැරි ය.

තරුණයා අතුරුදන් වූයේ Face Book නිසාම යෑයි කියමු. එසේ වුවද Face Book ජාලය වැරදි නැත. වැරැද්ද තිබෙන්නේ එය පාවිච්චි කළ විදිය තුළ ය. මනුෂ්‍යයා මුල් යුගයේදී විලි වසා ගැනීම සඳහා ඇඳුම් ඇන්දේ නැත. විලි බිය නමැති කාරණය හටගන්නට පටන් ගත්තේ විලි වසා ගැනීමට ඇඳුම් ඇඳීමට පටන් ගත් දිනයේ පටන් ය. 


ගැහැනියක ඇඳුම්වලින් වසාගෙන සිටින්නේ මොනවාද යන්න පිරික්‌සීමටත් ඇඟේ ඇඳුම් ඉරා දැමීමටත්, ඇය දූෂණය කිරීමටත්, 'විලි වසාගැනීම' නමැති සාධකය යම් තරමකට බලපාන්නේ ය. එසේ නම් ස්‌ත්‍රී දූෂණයෙහි වරදකරු වන්නේ ඇඳුම්ද? 

දුරකථනයකින් මිනිසකුට මරණ තර්ජනය කළ හැකි ය. එහෙත් එහි වරදකරු දුරකථනය නොව එය පාවිච්චි කරන තැනැත්තා ය. පාන් කපන පිහිය සාදන ලද්දේ පාන් කැපීමට ය. එහෙත් එයින් බෙලි ද කපනු ලැබේ.

එහි වරදකරු පිහිය නොව පිහිය පාවිච්චි කරන තැනැත්තා ය. මේ ආකාරයෙන්ම, Blue Film හැදීමට වැරදිකාරයා වන්නේ ඒවා රූගත කළ කැමරාව හෝ එය Edit කළ සංස්‌කරණ මැදිරිය නොව ඒවා හදවන ජාවාරම්කරු ය.

Face Book යනු දැනුම හුවමාරු කර ගැනීමට යොදාගත හැකි අපූරු මෙවලමකි. මෙහිදී මෙවලම යන වචනය යොදා ඇත්තේ උපකරණය යන අදහස දීමට නොව මාධ්‍යය යන අදහස දීමට ය. අප හැම දෙයක්‌ම වැරදියට තේරුම් ගන්නා ජාතියකි. මෙහිදී ද වරද ඇත්තේ ජාතියෙහි නොව මනුස්‌ස ස්‌වභාවයෙහි බව අවධාරණය කරමු.


අතුරු දන් වී ඇති ශිෂ්‍යාගේ පියා වන ජගත් පෙරේරා මහතා මෙසේ පවසනවා.

"පහුගිය 13වන දින උදෑසන 1ට පමණ අතුරු දහන් වී ඇති මගේ පුතා අම්මාට බඩ රිදෙන බව කියා තිබෙනවා. මේක හොද වෙන පාටක් නැහැ කියා අම්මාළග ටික වේලාවක් නිදාගෙන ගොඩක් අමාරුයි අම්මේ කෝපි එකක් හදන්න කියා අම්මාට කියලා තියනවා.

අම්මා කෝපි එක හදන්න කුස්සියට ගිය වෙලාවේ ඉදිරි දොර ඇරෙන ශබ්දයක් ඇසී තිබෙන පසුව නිවසතුළ සෝදිසි කළත් දරුවා සිටියේ නැහැ. ඉන් පසුව මමත් මගේ බිරියත් වටපිටාව සියලුම තැන් සෝදිසි කර බැලුවත් දරුවා සිටියේ නැහැ.

මෙයා 12 වෙනිදා හවස කිව්වා මෙයාගේ යාලුවෝම මට ඉන්න දෙන්නේ නැහැ කියලා.. මම විනාශ කරන්න හදන්නේ කියලත් කිව්වා..ෆේස්බුක් එකෙන් මට threats එවනවා කියලත් කිව්වා..ආපු threats වලට මෙයත් ආපහු threats ගහලා තියලා තිබුනා..


අන්තිමට මෙයාට ලොකු මානසික කැළඹීමක් ආවා..එලියට බැහැල ගියේ මෙයා හොඳ සිහියෙන් නෙවෙයි..අවසිහියෙන්..එහෙමත් දන්නේ නැහැ නැත්නම් කව්රුහරි දොරට තට්ටු කරලා මෙයා එලියට ගත්තද කියල දන්නෙත් නැහැ.."

උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමොහු ඔලිම්පියාඩ් ගණිත තරගයෙන් ද ජයග්‍රහණය කළ ඇති දක්ෂ ශිෂ්‍ය යෙකි.


මොහු පිලිබඳ තොරතුරු ඇතොත් දැන්විය යුතු දුරකථන අංක පහත වේ.

0723966418
0772598192

ගාල්ල පොලිස් ස්ථානය - 0912233333/2234222
පොද්දල පොලිස් ස්ථානය - 0912292322
 
Related Posts with Thumbnails