Ads 468x60px

.

ගාල්ලේ පන්සලක අද්භුත පා සටහන් (පින්තුර)


ගාල්ල විහාරස්ථානයක බෝධින් වහන්සේ වැඩසිටින වැලි මළුවේ මිනිස් පා සලකුණු වලට වඩා විශාල හා දිගු වු පාසටහන් ඇති බව වාර්තා වෙනවා.

ගාල්ල තල්ගස්වල නියාගම මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ බෝධීන්  වහන්සේ චෛත්‍ය හා බුදු පිළිමය ආදි තැන්වලට මිනිස් පාදවලට සමාන නමුත්, ඉතා විශාල හා විශාල දිගින් යුතු පා සළකුණු රැසක් විහාරස්ථානයේ වැලි මළුවේ සටහන් වීම නිසා

ප්‍රදේශවාසිහු මහා පිරිසක් 16වැනිදා දවස පුරා විහාරස්ථානයට පැමිණ ඒ පා සලකුණු  දැකබලා ගත් බවත් මෙම සිද්ධිය මහා හාස්කමක් බව ප්‍රදේශවාසිහු පවසනවා.

මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය අමිත හිමියෝ පැවැසුවේ මේ ආකාරයට අසාමාන්‍ය පා සලකුණු දැකිය හැකි වු බවයි.
මේ සම්බන්ධයෙන් විශාල පිරිසක් මෙය දැකබලා ගත් බවද උන්වහන්සේ පැවසුවා.





 
Related Posts with Thumbnails