Ads 468x60px

.

ජැකලීන්ගේ අවන්හලේ ඇනවුම් කළ එක් කෑම පිගානක පනුවන්


ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්ඩිනැන්ඩි ගේ ලංකාවේ ප්‍රථම ව්‍යාපාර ආයෝජනය වන "කෑම සූත්‍ර" අවන්හල පසුගියදා උත්සවාකාරයෙන්  "ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්" හිදී විවෘත වුණා. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.
 
රසවත් කෑම බීම දේශීය ආකාරයෙන් පිළිගැන්වූ මෙම අවන්හල බොහෝ දෙනා අතර ජනප්‍රිය වුවත් පසුගිය කාලයේ ඇතැම් පාරිභෝගිකයන්ට ඇතැම් අප්‍රසන්න සිදුවීම් වලටද මුහුණ දීමට සිදුවී ඇති බව අප වෙත වාර්තා වුණා.
 
ලංකාවෙන් සමුගෙන විදෙස් රටකට යන ලාංකිකයෙකු සිය අවසන් ලාංකික භෝජනය සැමරීමට කෑම සුත්‍ර වෙත ආ අවස්ථාවේ ඉතා පිළිකුල්
සහගත සිදුවීමකට මුහුණ දීමට සිදුවූ බව ඔහු "කෑම සූත්‍ර" ෆේස්බුක් පිටුව වෙත ඡායාරූප සහිතව අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබෙනවා.

ඔහු  ඇනවුම් කළ එක් කෑම පිගානක පනුවන් ද සිට ඇතිඅතර එයින් අපහසුවට පත්වූ ඔහු විසින් කළමනාකාරිත්වය දැනුවත් කර ඇති අතර කළමනාකාරිත්වය දැනුම් දී ඇත්තේ පණුවන් නැති ආහාර කොටස අවශ්‍යයනම් නොමිලේ අනුභව කරන ලෙසය.
 
පණුවන් සිටි ආහාර ලෙස එම පාරිභෝගිකයා විසින් එක්කොට තිබු ඡායාරූප බලන්න පහතින්.

 
Related Posts with Thumbnails