Ads 468x60px

.

පෙම්වතා සමඟ ඉද්දි අම්මා ඇවිත් තරවටු කලෑයි නිවස තුලම එල්ලී දිවි නසා ගත් පාසල් ශිෂ්‍යාව


සිය ප්‍රේමයට දෙමාපියන් අවවාද කිරීම නිසා සිත් වේදනාවට පත් දහසය හැවිරිදි පාසල් සිසුවියක්‌ (17දා) සවස අමතර පංතියකට ගොස්‌ පැමිණ සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇති බව මල්ලාගම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ මියගොස්‌ ඇත්තේ තෙරිපැහැ, මල්ලාගම, දුම්කොලවත්ත පදිංචි තලගන්වත්ත මහ විදුහලේ දහවැනි වසරේ ඉගෙනුම ලබන චම්පිකා චතුරංගනී නමැති දහසය හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් බවයි.

තලගන්වත්ත විහාරස්‌ථානයේ පසුගිය දිනෙක පැවැති කඨින පිංකමේදී මෙම දෙදෙනා හඳුනාගැනීමෙන් පසු මෙම පාසල් සිසුවියගේ ජංගම දුරකථන අංකය තරුණයා විසින් ඉල්ලා ඇති අතර පාසල් සිසුවිය සිය

මවගේ දුරකථන අංකය දීමෙන් පසු මෙම දෙදෙනා ලිපි ගනුදෙනු නොකර ජංගම දුරකථනය මගින් සිය ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.

මෙම තරුණයා පසුගිය දිනක ත්‍රි රෝද රථයක්‌ මිලදී ගෙන ඇති අතර එම ත්‍රිරෝද රථයට ෆිනෑන්ස්‌ ගෙවීමට අවශ්‍ය නිසා මෙම තරුණයා කොළඹ ප්‍රදේශයේ හෝටලයක කැෂියර් රැකියාවකට ගොස්‌ සිටින අතරතුර බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා සිය නිවසට පැමිණ
තිබෙනවා.

සිය නිවසට පැමිණ සිටින අතරතුර මෙම පාසල් සිසුවිය තලගන්වත්ත විහාරස්‌ථානයේ පැවැත්වෙන පෞද්ගලික පංතියකට සිය ඥති සහෝදරියන් දෙදෙනකු සමඟ ගොස්‌ ඇති අතර එම පංතිය අවසන්වී සිය දියණිය සමඟ ගිය ඥති දියණියන් දෙදෙනා නිවසට පැමිණ සිටීම නිසා සිය දියණිය ප්‍රමාද වීම ගැන සොයා බැලීමට නිවස අසල බෝංචි කොටුවේ වැඩ කරමින් සිටි මව ගොස්‌
තිබෙනවා.

අතුරු මාර්ගයක්‌ ඔස්‌සේ සිය දියණිය සොයා ගිය මවට දියණිය තරුණයකු සමඟ කතා බහ කරමින් පැමිණෙන අයුරු දැක නිවසට පැමිණීමෙන් පසු සම්බන්ධතාව මත සිය දියණියට අවවාද කිරීමෙන් පසු සිත් වේදනාවට පත්ව දියණිය සිය නිවස තුළ දී ගෙල වැලලාගෙන මියගොස්‌
තිබෙනවා.

දරුවන් සිවුදෙනකු සිටින පවුලක මෙම ගෙල වැලලාගෙන මිය ගිය දියණිය බාලම දියණිය වනවා.

නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්. ඒ. ඒ. පී. කුමාරසිංහ මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා කිසිදු දූෂණයක්‌ සිදු වී නොමැති බවත් මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් හුස්‌ම හිරවීමෙන් සිදුවූ මරණයක්‌ බවට නිගමනය කලා.

නුවරඑළිය රෝහලේ දී හදිසි මරණ පරීක්‍ෂණය පැවැත්වූ උඩුපුස්‌සැල්ලාව කුරුපනාවෙල හදිසි මරණ පරීක්‍ෂක ධර්මසේන දිසානායක මහතා ලද සාක්‍ෂි හා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ද සැලකිල්ලට ගනිමින් මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිය දිවි නසා ගැනීමක්‌ බවට තීරණය
කලා.
 
Related Posts with Thumbnails