Ads 468x60px

.

සම්බන්ධය නතර කල නිසා පෙම්වතාට පිහියෙන් ඇන පොලිසියට භාර වුනු පෙම්වතිය


මීට මාස දෙකකට උඩදී බොරලැස්‌ගමුව ප්‍රදේශයේදී 21 හැවිරිදි සිය පෙම්වතාට පිහියෙන් බඩට ඇන තුවාල සිදුකර අතුරුදන්ව සිටි 20 හැවිරිදි පෙම්වතියක් පොලිසියට පැමිණ (18 වැනිදා) භාරවූ බව බොරලැස්‌ගමුව පොලිසිය පවසනවා.

මහඔය පදිංචි මෙම පෙම්වතිය බොරලැස්‌ගමුව ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිට ඇති අතර පෞද්ගලික සමාගමක සේවය කරන පෙම්වතා මීට වසර එකහමාරකට උඩදී
පෙම්වතිය සමග ප්‍රේම
සම්බන්ධයක්‌ ආරම්භ කර තිබෙනවා.

පසුව පෙම්වතා ඔහුගේ දෙමාපියන්ටත්, පෙම්වතිය ඇගේ දෙමාපියන්ටත් මෙම සම්බන්ධය පවසා
තිබෙනවා. දෙදෙනාම විවාහ වීමේ බලාපොරොත්තුවෙන් සිට ඇති අතර පෙම්වතා සිය දෙමාපියන් සමග මහඔය පදිංචි පෙම්වතියගේ නිවසට ගොස්‌ තිබෙනවා

මෙහිදී පෙම්වතියගේ නිවස හා පවුල් පසුබිම බැලීමේදී ඉතා දුප්පත් පවුල් පසුබිමක්‌ ඇති අය බව එම පෙම්වතාටත්, ඔහුගේ දෙමාපියන්ටත් අවබෝධ වී තිබෙනවා. පසුව යළි කොළඹ පැමිණි පෙම්වතා එම සම්බන්ධය නතර කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව ඒ ගැන කතා කිරීමට බොරලැස්‌ගමුව එක්‌තරා තැනකට පැමිණෙන ලෙසට පෙම්වතියට දැනුම් දී තිබෙනවා. ඒ අනුව කෝපයෙන් එහි ගිය පෙම්වතිය සිය පෙම්වතාට පිහියෙන් ඇන ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා.

පොලිසියට භාර වූ සැකකාර පෙම්වතිය නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර
තිබෙනවා.
 
Related Posts with Thumbnails