Ads 468x60px

.

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත්‍රිපාල


තමා පොදු අපේක්ෂකයා ලෙස තරගකරන බවත් තමන්ට බලය ලැබුණොත් විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසිකරන බවත් මෛත්‍රිපාල සිරිසේන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

තමාට සෞඛ්‍ය ඇමති ලෙස පැවති අත්දැකීම් කටුක බවත් දුම්වැටි කවරවල පිළිකා රූප දමන්නට සම්මතවූ දේ පවා වෙනස්වූ බවත් ඖෂධ පනත සම්බන්ධයෙන්ද කළකිරෙන බවත් ඔහු ප්‍රකාශ කළා.


දැන් නීතියේ ආධිපත්‍යය වැටුණ සමාජයක් පවතින බවත් පොලිසිය පිරිහී ඇති බවත් ඔහු කියා සිටියා. වැරදි කරුවන්ට විරුද්ධව පොලිසියට වැඩකරන්නට බැරි තත්වයක් උදාවී ඇති බවද ඔහු කියා සිටියා. තමා පිහිටුවන රජයේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරන බවද ඔහු

කියා සිටියා.

මෛත්‍රිපාල දුමින්ද දිසානායක රාජිතත් රැස්වීමට

- ප.ව.3.20
ඇමති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ දේශපාලන තීරණය ගැන කියන්නට අද සවස 3.15 ට කොළඹ නවනගර ශාලාවේ මාධ්‍ය හමුවක් සඳහා පැමිණියා. ඔහු සමග ඇමති රාජිත සේනාරත්න දුමින්ද දිසානායක රජීව් විෙජ්සිංහ අර්ජුන රණතුංගද පැමිණ සිටියා. මෙම අවස්ථාවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද පැමිණ ඇත.


ඇමතිවරයාගේ කතාව දැන් ආරම්භ කර ඇත. මෙම සාකච්ඡාව සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටිනවා. ශ්‍රීලනිපයේ ප්‍රවිණ සාමාජිකයෙකු වන මෛත්‍රිපාල සිරිසේන රජරට පළාත නියෝජනය කරන දේශපාලනඥයෙකු වන අතර ඔහු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉදිරි ජනපතිවරණයට තරග කරන්නට සූදානම්ව සිටි.


මෛත්‍රිපාල රජයෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා රජයෙන් 60 ක් එනවලූ.

- ප.ව.2.15
ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ෂට එරෙහි ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා තරග වදින බව  එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය
අද (21) ඒකමතිකව තීරණය කර ඇත.

රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

තවත් තොරතුරු ලද විගස දැනගන්න අපත් සමඟ රැඳී සිටින්න.


 
Related Posts with Thumbnails