Ads 468x60px

.

Facebook නිසා විදුහල්පතිනියගේ ප්‍රෙෂර් නැගලා


Facebook නැතිනම් “මූණුපොත“ ලොව පුරාම මෙන්ම ලංකාවේද බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත අහිමි වීමේ හේතුවට එක් ප්‍රධාන සාධකයක් වී තිබෙනවා.

නමුත් මේ වන විට එය තරුණ තරුණියන්ගේ ජීවිතවලට පමණක් නොව ගුරුවරුන්ගේ ජීවිතවලට පවා බලපෑම්කිරීමට මෙම මුහුණුපොතට හැකියාව ඇති බව තේරුම් ගැනීමට බහුශ්‍රැත බුද්ධියක් අවශ්‍ය නැත.

කෙසේ වෙතත් පසුගිය දිනෙක් නාවලපිටිය ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් මුහුණ පොතේ (Facebook) අපහාසාත්මකව පළ කළ සිද්ධියක් දැකීමෙන් ඇය අධිරුධිර පීඩන

තත්ත්වයට පත්ව දැඩිලෙස රෝගාතුරව පත්වී තිබෙනවා.

මුහුණු පොතේ සිද්ධිය දැකීමෙන් රෝගී වී රෝහල්ගත කොට ඇත්තේ මෙම විදුහලේ විදුහල්පතිනිය වන එෆ්.ඒ. රියාල් මහත්මිය වන අතර එම මෙම සිද්ධියෙන් පසුව එම විදුහලට පැමිණි කිසියම් පිරිසක් එහි ගුරුවරියකට බැන වැදී පහරදී
තිබෙනවා.

මේ වන විට විදුහලේ විදුහල්පතිනිය හා පහරකෑමට මුහුණදුන් ගුරුවරිය රෝහල් ගත කොට
තිබෙනවා. මීට පෙරත් මෙවැනි සිද්ධීන් කිහිපයක්ම මාධ්‍ය මඟින් ප්‍රචාරය විය. මෙහි වරද මූණුපොතේද? නැතිනම්  මූණුපොත භාවිතාකරන්නන්ගේ ද?
 
Related Posts with Thumbnails