Ads 468x60px

.

වටලන විටත් නළඟනන් බීමතින් සිටි අනුරාධපුර නගරයේ "පැනෝරාමා" රාත්‍රි සමාජ ශාලාව


මහත් ආන්දොලනයට ලක්‌ වූ අනුරාධපුර නගරයේ "පැනෝරාමා" නම් රාත්‍රි සමාජ ශාලාව පෙරේදා (10 වැනිදා) රාත්‍රි වැටලූ අනුරාධපුර පොලිසිය එහි හිමිකරු වන ගිනස්‌ වාර්තා රැසකට හිමිකම් කියන ප්‍රසිද්ධ කරාතේ උපදේශකවරයා සහ සුරූපී නළඟනන් අටදෙනකු ඇතුළු දොළොස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

"පැනෝරාමා" නමින් පවත්වාගෙන ගිය මෙම රාත්‍රි සමාජ ශාලාව නතර කරන ලෙස පොලිසිය මීට ඉහතදී නියෝග කර තිබුණු අතර පොලිසිය මෙම නියෝගය කරනු ලැබුවේ අප විසින් මෙම රාත්‍රි සමාජ ශාලාව

පිළිබඳව කරනු ලැබූ හෙළිදරව්වෙන් පසුවය.

එහෙත් එම නියෝගයන් නොතකා මෙම රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු විසින් එය පවත්වාගෙන ගොස්‌
තිබෙනවා. ඒ අනුව මෙම කැරොකේ සමාජ ශාලාව වැටලීමට පොලිසිය පියවර ගත්තා.

අනුරාධපුර මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සුරේෂා ද සිල්වා මහත්මියගෙන් සෝදිසි වරෙන්තුවක්‌ ලබාගත් පොලිසිය අනුරාධපුර දූෂණ මර්දන අංශයේ සහ කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම කර
තිබෙනවා.

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රි සමාජ ශාලාවක්‌ පවත්වාගෙන යැම, රාත්‍රි කාලයේ නළඟනන් සේවයේ යෙදවීම සහ මහජන පීඩාවක්‌ වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම යන චෝදනා යටතේ මෙම වැටලීම සිදුකොට
තිබෙනවා.

මෙම වැටලීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක්‌, ශබ්ද පරිපාලන යන්ත්‍ර තුනක්‌ සහ ගීත ඇතුළත් සංයුක්‌ත තැටියක්‌ පොලිසිය භාරයට ගෙන
තිබෙනවා. වැටලීම සිදුකරන අවස්‌ථාවේ විනෝද වීමට පැමිණි පුද්ගලයන් පනහකට අධික පිරිසක්‌ එහි සිට ඇති අතර පොලිසිය පැමිණීමත් සමඟ ඔවුන් පලාගොස්‌ තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් නළඟනන් අවුරුදු 24 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඔවුන් කුරුණෑගල, නුවරඑළිය, නාරම්මල, පයාගල, ඇඹිලිපිටිය සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී
තිබෙනවා.

එම කාන්තාවන් අත්අඩංගුවට පත්වන විටත් බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බවත් පොලිසිය පවසයි. සමාජ ශාලාවේ කළමනාකාරිත්වය එම කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූයේද යන්න සැකකරන බැවින් ඒ සම්බන්ධව ද විමර්ශනයක්‌ ආරම්භ කොට
තිබෙනවා.

දින ගණනක්‌ තිස්‌සේ වසා දමා තිබූ මෙම සමාජ ශාලාව එහි හිමිකරු විසින් පෙරේදා විවෘත කිරීමෙන් පසු පොලිසිය අධිකරණ නියෝග මත මෙම වැටලීම කර
තිබෙනවා. සැකකරුවන් සියලු දෙනා ඊයේ (11 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
Related Posts with Thumbnails