Ads 468x60px

.

පණ වගේ ආදරය කරන සරාඟී නිළි කිම් වගේ වෙන්න කෝටි 2ක් වියදම් කල තරුණයා (පින්තුර)


අපිත් එක්ක ඉන්න ගොඩාක් දෙනෙක් තමන් ආදරය කරන නළු නිළියෝ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෝ වගේ වෙන්න ආසයි. එයාලා අඳින විදියට ඇඳුම් අඳින්න, එයාලා ක්‍රීඩා කරන විදියට ක්‍රීඩා කරන්න වගේම කොණ්ඩා මෝස්තර වුනත් ඒ විදියටම හදාගන්න සමහරු සල්ලි ගොඩාක් වියදම් කරන අවස්ථාවල් තියෙනවා.

අන්න ඒ විදියට තමන් පණ වගේ ආදරය කරන හොලිවුඩයේ නිළියක් වන කිම් කර්ඩේෂියන් වගේ වෙන්න ගිය තරුණයෙක් පිළිබඳව විදෙස්

මාධ්‍ය වාර්තා කරනවා. මොහු නමින් ජෝර්ඩන් ජේම්ස්. වයස අවුරුදු
23ක් පමණ වෙන මෙයා වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පියෙක්.

The Sun නැමැති පුවත්පතට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකොට ඇත්තේ තමන් මේ ලොව වැඩියෙන්ම ආදරය කරන කාන්තාව කිම් බවයි. ඇයට මෙතරම් ආදරය කරන්නේ ඇයිද යන වග ඔහුට සිතා ගත නොහැකි
බවටද මොහු ප්‍රකාශ කරන අතරම ඒ හේතුව නිසා ඇයගේ රූපයට සමාන රූපයක් ඔහුටද ඈදා ගැනීමට මොහු තීරණය කොට ඇත.

ඒ වෙනුවෙන් මොහු ප්ලාස්ටික් සැත්කම් 50ක් පමණ සිදුකොට ඇති අතර ඩොලර් 150,000කට වඩා වැඩි මුදලක් මෙයට වියදම් කොට තිබේ. මොහු ගේ සිහිනය කෙදිනක හෝ කිම් කර්ඩේෂියන්ගේ ස්වරූපයට සමානනම් කියන ස්වරූපයක් ලබාගැනීම බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ..








 
Related Posts with Thumbnails