Ads 468x60px

.

රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහර කෑ "බට්‌ටී" අතුරුදන්


රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" නමැති කාන්තාව අතුරුදන්වී ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන සීතාවකපුර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ කණ්‌ඩායමක්‌ කාන්තිලතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඇය
සිටින ස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කළද කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට හැකිවී නැත.

කාන්තිලතා නමැති කාන්තාවගේ මවගේ නිවස සොයාගත් පොලිසිය එහි ගොස්‌ පරීක්‍ෂා කළද ඇය සිට නැත. කාන්තිලතාගේ මව එහිදී ප්‍රකාශ කර ඇත්තේ තම දියණිය වසර අටකින් පමණ නිවසට පැමිණ නැති බවයි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ විභාග වන බවද පොලිසිය පවසයි. රත්නපුර පොලිසියේ සැරයන්වරයකු බට්‌ටි නමැති කාන්තාවට නගර මධ්‍යයේ බිම පෙරළාගෙන පහරදුන් බව කියන සිද්ධිය පසුගියදා මහත් ආන්දෝලනයට ලක්‌විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී කිත්සිරි ජයලත් මහතාට භාරදී ඇත.


සාජන්ට් ගැහුවේ එයත් එක්ක බුදියන්න නොගිය නිසයි - රත්නපුරේ ගුටි කෑ බට්ටී ඇත්තම කියයි
රත්නපුර කාන්තාවට පහරදුන් පොලිස් නිලධාරියා ගේ වැඩ තහනම්.
 
Related Posts with Thumbnails