Ads 468x60px

.

වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ තරුණිය


වැසිකිළියක්‌ තුළ රහසේ දරුවකු බිහිකළ අවිවාහක තරුණියකගේ දරුවා බරපතල තුවාල හේතුවෙන් දික්‌ඔය රෝහලෙන් නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කොට ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ බගවන්තලාව ලොයිතෝවත්ත පදිංචි 24 හැවිරිදි එම තරුණ මව අධික රුධිර වහනය හේතුවෙන් බරපතලව රෝහල් ගත කොට තිබෙන බවයි.

සිය මාමාගේ නිවසට ගොස්‌ ඇති මෙම තරුණිය වැසිකිළි යන බව පවසා පැය 2 කට අධික කාලයක්‌ වැසිකිළිය තුළ සිටින විට දරුවකුගේ හැඬුම් ශබ්දයකට නිවැසියන් වසා ඇති වැසිකිළියේ දොර කඩා බලන විට ඇය

දරුවකු බිහි කොට ඇති බව දැක තිබෙනවා.

ඒ වන විටත් දරුවාගේ හිස හා පපුව ප්‍රදේශයේ දරුණු තුවාල දැක ඇති නිවැසියන් සිහිසුන්ව සිටි තරුණිය සමඟ දරුවාද දික්‌ඔය රෝහලට ඇතුළත් කොට
තිබෙනවා. පසුව මෙම දෙදෙනාම නාවලපිටිය රෝහලට එවා තිබෙනවා.

අවිවාහක මෙම තරුණිය දරුවකු බිහි කිරීමට සිටින බවක්‌ ඇගේ දෙමාපියන් හෝ ඥතීන් නොදන්නා බව පොලිසියට පවසා
තිබෙනවා.

ප්‍රතිකාර ලබන එම තරුණියද පරීක්‌ෂණ පවත්වන බගවන්තලාව පොලිසියට පවසා ඇත්තේ වැසිකිළියට ගිය අවස්‌ථාවේ දරුවකු ලැබී ලිස්‌සා ගොස්‌ වළට වැටුණු බවත් පසුව දරුවා වඩා ගත් අවස්‌ථාවේ තමා දරුවා සමඟ සිහිසුන්ව බිම වැටීම නිසා දරුවා තුවාල ලබා ඇති බවයි.

නමුත් රහසේ බිහිකළ දරුවා ඝාතනය කිරීමට උත්සාහ ගත්තාදැයි පොලිසිය සැක කොට පරීක්‌ෂණ ආරම්භ කොට
තිබෙනවා.
 
Related Posts with Thumbnails