Ads 468x60px

.

වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සමිතා සමන්මලීට කෝටි 18ක වන්දියක් (පින්තුර සහ වීඩියෝ)


බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනයේදී සිදු වූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන 180 ක වන්දියක් ගෙවන්නැයි කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. 

ඒ, එවකට වෛද්‍ය ශිෂ්‍යාවක් වූ සමිතා සමන්මලී ගොණුකළ නඩුවක තීන්දුව ප‍්‍රකාශ කරමින්.

ඉකුත් 2008 වසරේ පෙබරවාරි මස 15 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි සමිතා සමන්මලී එහි තිබූ වේදිකාවක යකඩ බටයක්

කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබුවා.

විදෙස්ගත වී වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවද ඇය තවමත් පූර්ණ ආබාධිත තත්ත්වයෙන් පසුවනවා. ඇයගේ තත්ත්වය සලකා බැලූ කොළඹ දිසා විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පාලන අධිකාරියට නියෝග කළේ රුපියල් මිලියන 180 ක වන්දි මුදලක් වෛද්‍ය සමිතා සමන්මලීට ගෙවන ලෙසයි.





 
Related Posts with Thumbnails