Ads 468x60px

.

ගුවන් තොටුපොලේ භාවනානුයෝගී විදේශීය භික්ෂුවක් - වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි

සති තුනක පමණ කාලයක සිට කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්ත වේදිකාව ඉදිරිපිට භූමියේ භාවනානුයෝගීව වැඩවෙසෙන විදේශික භික්ෂුන් වහන්සේ නමක් පිළිබඳ එහි යන එන බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත.

දිනපතා ඊට නුදුරින් ඇති ආපන ශාලාවකට පිණ්ඩපාතයේ වඩින උන්වහන්සේ, තමන් දානයට පිළිගන්වන දේ ඉවත ලා, කැමැති ආහාර පාන බලෙන් ගන්නා බව එම ආපන ශාලාවේ පහළොස් දෙනකු පමණ වූ අලෙවි කරුවෝ කියති. ඒ අතර එක් දිනකදී පමණක් රුපියල් එකසිය පනහ බැගින් අලෙවි කරුවන් සියලු දෙනාට දී ඇත.

වරින්වර මෙම ස්වාමින් වහන්සේගෙන් තොරතුරු විමසීමට උත්සාහ කළ මෙම වාර්තාකරු ඇතුළු කීපදෙනකුට උන්වහන්සේ තර්ජනය කළහ.

මෙම ස්වාමින් වහන්සේ කුමන රටක පුරවැසියෙක්ද, මෙහි වැඩවසන්නට හේතුව කුමක්ද සොයා බැලීමට මේ වනතුරු ගුවන්තොටුපොළ වගකිව යුත්තන්ගේ අවධානය යොමුව නැත.

මේ ස්වාමින් වහන්සේ කිසියම් හේතුවක් නිසා අසරණව සිටීද, නැතහොත් කිසියම් අරමුණක් සඳහා රැඳී සිටීද යන්න සොයා බලා සුදුසු පියවරක් ගැනීම කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව ගුවන්තොටුපොළ සේවකයෝ පවසති.
 
Related Posts with Thumbnails