Ads 468x60px

.

තලවකැලේ තරුණයකු දියේ ගිලී මිය යැම පිළිබඳව බය හිතෙන කතාව


පොලිසිය සමග ඔට්‌ටුවී අවසානයේ ගඟකට පැන සියදිවි නසා ගැනීම හෝ පැන යැමට තැත් කිරීමේදී දියේ ගිලී මිය යැම මාසයකට පමණ ඉහතදී නම් ටිකක්‌ විතර බය හිතෙන කතාවක්‌ බව සැබෑවය. 

එහෙත් අලුත් ආණ්‌ඩුවක්‌ යටතේ එවැනි දේ සිදුවනවා දකින්නට තබා හිතන්නටවත් ජනතාව බියය. පොලිසියේ මහත්වරුන් එසේම යෑයි අපි සිතමු. එහෙත් එවැන්නක්‌ හෝ ඊට සමාන සිදුවීමක්‌ පසුගිය මාසයේ අවසන් දිනයේදී එනම් 31 වැනිදා සිදුවී තිබිණි.

තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි මරියමුත්තු මනෝඡ් නම් 21 හැවිරිදි තරුණයකු තලවකැලේ "ගංජා" විකුණන බවට පොලිසියට තොරතුරක්‌ ලැබී ඇත. (එම තරුණයා "බාබුල්" අලෙවි කරන අයකු

බවට තවත් තැන්වල කියෑවේ) ඒ අනුව පොලිසිය එම ස්‌ථානයට ගොස්‌ එම තරුණයා අත්අඩංගුවට ගෙන පරික්‍ෂා කිරීමට සූදානම්වී ඇත. 

කරුමෙකට මෙන් මරියමුත්තු නම් තරුණයා පොලිසියෙන් මිදී පලාගොස්‌ තිබේ. එසේ පලාගිය "මරියමුත්තු" කොත්මලේ ජලාශයට පැන තිබෙන බව කියෑවේ. එතැනින් එහාට සිදුව ඇත්තේ මරියමුත්තු අතුරුදන් වීමය. පසුව මරියමුත්තුගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමුවී ඇත.

මරියමුත්තුගේ සිදුවීමෙන් පසු ප්‍රදේශවාසීන් කුපිත වී බදුල්ල නුවර දුම්රිය මාර්ගය අවහිර කරමින් පොලිසියට ගල් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. තත්ත්වය සමනය කර උඩරට දුම්රිය මාර්ගය විවෘත කිරීමට පොලිසියට කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කිරීමටද සිදුව තිබේ.

මේ මාධ්‍යවල පළවී තිබූ තොරතුරුය. එහෙත් මරියමුත්තුගේ කතාව ඊටත් වඩා දෙයක්‌ සමාජයට කියා පාන්නේය. ඒ පොලිසියේ හොඳ නරක හෝ සිදුව ඇති ෙ€දවාචකයේ දිග පළල නොවේ. 


කොළඹ "වත්තකට" පැන කුඩු විකුණන එකෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන විටද පොලිසියට සමහර විට මෙවැනි අකරතැබ්බවලට මුහුණ පෑමට සිදුවේ. එහෙත් අපේ කතාව ඒ ගැනද නොවේ.

මරියමුත්තු 21 හැවිරිදි තරුණයකු වේ. පොලිසිය පරීක්‍ෂා කරන්නේ ඔහු ගංජා අලෙවි කරන්නේ යෑයි ලැබෙන තොරතුරකට අනුවය. එය සැබෑ නම් මරියමුත්තු කර ඇත්තේ වරදකි. එහෙත් අප කතා කරන මියගිය මරියමුත්තු සේම තවත් මරියමුත්තු පන්නයේ සිංහල, දෙමළ, මුස්‌ලිම් තරුණයින් ගණනාවක්‌ සමාජයේ වෙසෙන බව අමතක කළ යුතු නොවේ.


අද ගංජා විකුණන මරියමුත්තු හෙට ඩුබායිවල සිට හෝ පාකිස්‌ථානයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන "වෙලේ සුදා" කෙනෙකු වීමට ඇති ඉඩකඩ වැඩිය. වෙලේ සුදාගේ කතාවද ඒ ගැන සිතීමට තරම් අඩු වැඩිය සපයන්නේය. වෙලේ සුදාද ගැටවරයකු ලෙස "කසිප්පු වලින්" බිස්‌නස්‌ ආරම්භ කළ අයෙකි. 

පසුකලෙක අම්මා තාත්තාගේ සොහොයුරු සොහොයුරියන්ගේ පවුලේ ව්‍යාපාරය බවට පත්ව තිබූ කුඩු බිස්‌නස්‌ එක වෙලේ සුදා අතට ගත්තේය. අම්මට තාත්තාට බැරිවූ දුරකට වෙලේ සුදා රැගෙන ගියේ "කුඩු බිස්‌නස්‌"ය. වෙලේ සුදා අත්අඩංගුවට ගන්නා විට ඔහු සිටිය තැන ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.

මරියමුත්තුලා සිය ව්‍යාපාරය පටන් ගත්තේද වෙලේ සුදා ආරම්භ කළ ආකාරයටමය. එය වැඩිදියුණු කර ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට අත හිත දෙන කණ්‌ඩායම් බොහෝය. මරියමුත්තුලාට "හරි පාර" පෙන්නන අය දුලබය. 


මරියමුත්තුලා ගලවා ගැනීමට වෙර දරන අයට මේ වැරදි පාරේ යන අය සමග හැප්පෙන එක ලේසි නැත. ඒ නිසා මරියමුත්තුලා හඳුනා ගැනීම හා ඔවුන් යහමගට ගැනීම "යහ පාලනයේම" කොටසක්‌ විය යුතු තැනට අවස්‌ථාව එළැඹ තිබේ.

මරියමුත්තුලා අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් හඳුනාගත යුතුය. ඔවුන් එවැනි තැනකට යොමුවුණු පසුබිම නිරීක්‍ෂණය කළ යුතුය. එවිට ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොව ගලවා ගැනීමට මංපෙත් විවර වේ.

පොලිසියේ මහත්වරුද මරියමුත්තුලා අත්අඩංගුවට ගැනීමට පෙර වරක්‌ දෙවරක්‌ නොව දස දහස්‌ වරක්‌ කල්පනා කළ යුත්තේ එහෙයිනි. මරිය මුත්තු අත්අඩංගුවට පත්වන මොහොත තෙක්‌ම "දරුණු අපරාධකරුවකු ව" නොසිටි බව අපගේ විශ්වාසයයි. එහෙත් අත්අඩංගුවට පත්වී සිරගත විණිනම්...
 
Related Posts with Thumbnails