Ads 468x60px

.

සිම් නැතුව කථා කරන්න Google Connection


ජංගම දුරකථනයකින් සිම් එකක් භාවිතා නොකරන්න කථා කිරීමට හැකි කාලයක් පැමිණේවි කියලා ඔබ සිතුවාද ? නමුත් එම කාලය නොබෝ දිනයකින් පැමිණේ. මේ වනවිටත් ඒ සදහා ලෝකයේ ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන Google සමාගම කටයුතු ආරම්භ කර තිබේ.

Google සමාගම එහි ආරම්භක පියවරක් ලෙස NOVA නමින් රැහැන් රහිත ජංගම දුරකථන ජාලයක් නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කර
තිබෙනවා. මෙම වැඩසටහනෙහි ඉදිරි තාක්ෂණික කටයුතු සදහා Sprint හා T-Mobile සමාගම් මිලදී ගැනීමට ද කටයුතු කරන බව පවසනවා.

කෙසේ නමුත් මෙම සේවාව Google සමාගම විසින් දැනට Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශ සදහා පමණක් ආරම්භ කිරීමට නියමිතයි. NOVA සම්බන්ධතාවයට රැහැන් අවශ්‍ය නොවීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ.

මෙම ක්‍රමය එළිදක්වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර නැති නමුත් අපේ රටටත් නුදුරේම ලැබේවි කියා විශ්වාසයක් තබා ගැනීමට පුළුවන්.

 
Related Posts with Thumbnails