Ads 468x60px

.

ජනාධිපති ටොයිලට් වල AC දාගෙන සැප ගන්නවා නම් ඒක හරි නැහැ ඊට‍ වඩා හොඳ දෙයක් කරන්න ඕන - දුල්මිණි


හිටපු සෞඛ්‍ය අමති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමග ඔහුව බැලීමට පැමිණි ඔහුගේ දියණිය දුල්මිණි අත්තනායක පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වූ චරිතයකි. 

මේ ජනප්‍රියත්වය නිසාවෙන් ඇය වෙනුවෙන් "තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය" යනුවෙන් ෆේස්බුක් පිටු පවා නිර්මාණය කළ අතර ඒවා ඉතා කෙටි කලකින් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්විය.

ඉන්පසුව කලක් නිහඬව සිටි දුල්මිණි අත්තනායක තමාගේ පියා ජනාධිපතිවරයා වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පුවත්පතකට

අදහස් දක්වා තිබේ. එහිදී ඇය පසුගිය කාලේ කතා බහට ලක්වූ "වායු සමීකරණය කරන ලද වැසිකිලි" සම්බන්ධව අදහස් දක්වා තිබුනේ පහත පරිද්දෙනි.

"ජනාධිපති කියන්නේ මිනිසුන්ට සේවය කරන ප්‍රධානම පුරවැසියා. මම හිතන්නෙ නැහැ එයා මිනිසුන්ගේ දේවල් ඕනෑවට වඩා පාවිච්චි කරන එක හරි කියලා. එයා ටොයිලට්ස්වලත් AC හයි කරලා සැප ගන්නවා නම් ටොයිලට්ස් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියලා හිතන්න ඕන. ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොඳ නැහැ. ඒ සල්ලි ඩොනේට් කරලා මිනිසුන්ට හොඳ දෙයක් කරන්න ඕන."
 
Related Posts with Thumbnails