Ads 468x60px

.

පගා රොෂාන් සමග යහ පාළනයට..?


පගා මරුවෙක්  වන කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා සමග යහ පාළනයට යාම විහිළුවක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක පොලිස් නිලධාරීහු පෙන්වා දෙති. 

මෙම නිලධාරියා පානදුර ප්‍රදේශය  භාරව සිටියදී කසිප්පුකරුවන්ගෙන් මාසිකව ගතමනාව ලබාගත් අතර ප්‍රදේශයේ සමහර නීති විරෝධී මත්පැන් විකුණු වියාපරිකයන් පොලිස් ස්ථානයට විත් ඔහු සමග
සාමිචියේ පවා යෙදී සිටීමට පුරුදුව සිටි බව පැවසේ.

පසුව ඔහුව පොලොන්නරුව ප්‍රදේශයට මාරු කරනු ලැබිය. පොලොන්නරුවේදී ද කසිප්පුකරුවන්ගේ හිතවතෙකුව සිටි රොෂාන් සිල්වාගේ විය හියදම් දරනු ලැබුවේ ද ප්‍රදේශයේ නමගිය කසිප්පු වෙළෙන්දන් විසිනි. 

මර්වින් සිල්වාට ඉඩමෙ හොරෙන් අත්පත් කර ගැනීමටද සහකාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා සහාය දී තිබේ. මොහු 2013 වසරේදී කැලණිය පෑලියගොඩ කිරිබත්ගොඩ සපුගස්කන්ද යන පොලිස්ථාන වල සේවය කරන නිලධාරීන්ට අළුත් අවුරුද්දට මර්වින් සිල්වා බැහැ දැක බුලත් දී වැඳ එන්නයි  නියෝගයක් ද දී තිබුණි.  


නියෝජ්‍ය පොලිස් අධිකාරී අනුර සේනානායක පසුව දූෂිතම නිලධාරියා ලෙස පිළිගැනෙන රොෂාන් සිල්වා අධික මුදලක් අයථා ලෙස මේ වනවිට උපයාගෙන ඇත​. පොලිසියට බැඳෙන විට හරි හමන් ගෙයක් දොරක් පවා නොතිබුණු මොහු කොලඹ ප්‍රදේශයේ  නිවාස සහ ඉඩම් තම ඤාතීන් ගේ නම් වලට මිලදීගෙන ඇත්තේ වත්කම් වසන් කිරීමටය.

මෙවැනි නිලධාරීන් සමග යහ පාළනයටකට යාමට හැකිදැයි පොලිස්පතිතුමා විසින් නුවණින් විමසා බැලිය යුතුය​.
 
Related Posts with Thumbnails