Ads 468x60px

.

විමල් ගේ විප්ලවය


සාමාන්‍ය පෙළවත් සමත් නැත​. ලංකාවේ සමාජවාදී විප්ලවයක් කිරීමට අවශ්‍ය නිසා සීගිරියටවත් යන්න බැරි විය​. පාසල් ළමයි සහ විශ්ව විද්‍යාල සිසුන් ෆෝම් කරවා සමහරුන්ව දං ගෙඩියටත් දැක්කුවේය​. 

බයිසිකලයක් ගැනීමටත් මුදල් තිබුනේ නැත​. හිරු පුවත් පතේ වැඩ කරපු කාලයේ උදේට ඉඳිආප්ප කෑවේ නයටය​.බිරිඳ යන්තම් කොමියුනිකේෂන් එකක් කරපු නිසා හිඟා කෑවේ නැත​. 

සල්ලි දේශපාලනයට අවතීර්ණ වීමෙන් පසු වමේ හිඟන දේශපාලනය වෙනුවට ජීවිතයේ රස පැත්ත දැක්කේය​. වාහන වලින් ගමන් ගියේය​. කියුබාවට උතුරු කොරියාවට යනවා වෙනුවට ගියේ අැමරිකාවට
ඉතාලියටය​. ජීවිතයේ ලබා ගත නොහැකිවූ එරියස් ඕසෙට ලබා ගත්තේය. 

පැය 24 පුරා ඒසී දාගෙන විස්කි බිව්වේය​. බිරිඳට හොර පාස්පෝට් සාදා දී නිතර ඩුබායි , සිංගප්පූරු යවමින් ස්මග්ලිං වලින් මෙන්ම කොමිස් , මුදල් පොලියට දීම් , පගා මගින් රුපියල් මිලියන 2000 වඩා  හම්බ  කලේය​. 

මහා මන්දිර ඉදි කලේය​, කොලඹ ඉඩම් මිලට ගත්තේය​. ඒ කාලයේ පුද්ගලික විශ්ව විද්‍යාල භංග වේවා කීවාට පසු කාලයක තමාගේ ළමයා යැව්වේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. 

මේ යන්නේ අතේ සතේ නැතිව ජීවිතය පටන් ගෙන කෝටි ගනන් මුදල් දේපළ හම්බ කලේ කොහොමද කියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන මිසමට කියන්නට සහ වත්කම් හා බැරකම් පිළිබඳව   ප්‍රකාශයක් දෙන්නටය​. නමුත් මේවා බොරු සංදර්ශන වේ.

මේ හොරා කාපුවා මොහු වමරන්නේ නැත​. මොහුට කිසිම දඞුවමක් ලැබෙන්නේද නැත​. හෙට දිනයේ මොහු අපිට අධිරාජවාදී කුමන්ත්‍රණ , කොටි බිල්ලන් පෙන්වා තව කෝටි ගානක් යටිමඩි ගසා ගනු ඇත​.
 
Related Posts with Thumbnails