Ads 468x60px

.

ලෝක කුසලානය අබ සරණයි - තෙවැනි විනිසුරා සංගාට එරෙහිව දුන් හොර අවුට් එක මෙන්න


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පෙරේදා ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති තරගයේදී ලකුණු අතර සිටි කුමාර සංගක්කාර දැවී ගිය බවට ලබාදුන් තීරණය සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී තීන්දුවක් බව මේ වන විට ඔප්පු වී තිබේ.

ලකුණු 104 ක් ලබාගෙන ලෝක කුසලාන තරගයකදී පිට පිට ශතක තුනක් ලැබූ ක්‍රීඩකයා ලෙස ලෝක වාර්තාවක් ද තබා ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටි සංගක්කාර දැවී ගියා යැයි තීන්දු කළ ෆෝක්නර් විසින් එවන ලද පන්දුව නිපන්දුවක් බව ක්‍රීඩා විචාරකයන් විසින් මේ වන විට පෙන්වා දී ඇති අතර එහිදී වැරදි තීන්දුව ලබා දුන්නේ එම තරඟයේ

තෙවැනි විනිසුරු ලෙස ක්‍රියා කළ මිචෙල් ගොෆ් විසිනි.

සංගා අසාධාරණ ලෙස පිටියෙන් ඉවත් නොකෙළේ නම් එම තරඟයේදී ශ්‍රී ලංකාව පරාජය නොවීමට ඉඩ තිබිණ. ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට ප්‍රතිවාදී ක්‍රීඩකයන් 10 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට සිදුවනවාට වඩා හොඳින් රූපවාහිනියෙන් මන්දගාමී රුපරාමු පවා නරඹා තීන්දු දෙන තෙවැනි විනිසුරුවරයාත් සමගත් ප්‍රතිවාදීව ක්‍රීඩා කරන්නට සිදුවනවා නම් ලෝක කුසලානය අබ සරණය.
 
Related Posts with Thumbnails