Ads 468x60px

.

නොමිලේ වයි-ෆයි සඳුදා සිට ඔබට අතට


නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ. ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ
කොටුව දුම්රිය ස්‌ථානය අසලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ.

මීට අමතරව රටේ තෝරාගත් ස්‌ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්‌ථාපිත කරනු ලබයි.

විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථාන, බස්‌නැවතුම්පළවල්, සියලුම ශික්‍ෂණ, දිස්‌ත්‍රික්‌ හා ඒ ශ්‍රේණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්‌තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාල හා කෞතුකාගාර ආදී ස්‌ථානවල මෙම වයි-ෆයි කලාප විවෘත කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails