Ads 468x60px

.

ජැකලින්ට දවස් දෙකකට කෝටි 4ක්


ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්.... ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලොව පුරාම මෙන්ම බොලිවුඩ් සිනාමේ ජනප්‍රියම නිළියක්. එම ජනප්‍රියත්මව නිසා ජැකලින්ගේ ගණන් නම් ටිකක් සැරයි. මොකද පසුගිය කාලයේ ජැකලින්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි අවන්හලේ ආප්පයක මිල ඔබට මතක ඇතිනේ.

එහෙත් අද අපි කියන්නේ එවැනි කාරණාවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජැකලින් යනු ඉතා ඉහළ

ගණයේ විවාහ මංගල උත්සව වලට සහභාගි වන ඉතා ඉහළ මිල ගණන් අය කරනු ලබන අයෙකු බවයි. 

එලෙස වාර්තා වන අලුත්ම පුවත වන්නේ නුදුරු දිනකදී එංගන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍ය උත්සවයක සහභාගි වන පිරිස පුදුම කිරීමේ නර්තනයකට සහභාගි වීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 4ක මුදලක් ඉල්ලා ඇති බවයි.

ඇය මෙලෙස සහභාගිවීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පදිංචිව සිටින ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙක්ගේ විවාහ උත්සවයක් සඳහායි ඇය මෙලෙස සහභාගිවීමට නියමිතව ඇත්තේ. 


ඇය මෙම විවාහ මංගල්‍ය සඳහා සහභාගි වීම පිණිස දින දෙකක් ලන්ඩනයේ නතර වී සිටීමට නියමිත බවත් එම දින දෙක සඳහා යන වියදමද දරනු ලබන්නේ අදාළ ව්‍යාපාරික පවුලේ උදවිය විසින් බවටයි වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails