Ads 468x60px

.

පශු වෛද්‍ය විමුක්ති කුමාරතුංග පිඹුරෙකු බේරා ගැනීම පුවතක් වු පුවත


විමුක්ති කුමාරතුංග පිළිබඳ පසුගිය කාලයේ පුවත් පල වූයේ ඔහු මෙරට දේශපාලනයට පැමිණීම පිලිබඳවය. ඔහු ගැන ඊට වෙනස් පුවතකි මේ. 

පසුගිය මාර්තු මස 13 දා www.standard.co.uk වෙබ් අඩවිය Pet snake becomes trapped under car steering wheel as owner was driving it to vet ලෙසින් වාර්තා කළ මේ කතාවෙන් කියැවුණේ
වාහනයක සිරවී සිටි පිඹුරෙක් බේරා ගැනිම සඳහා විමුක්ති කුමාරතුංග සමත් වූ බවය. එම පුවතේ විමුක්ති හඳුන්වා තිබුණේ vet Vim Kumaratunga ලෙසිනි.

අඩි පහක් තරම් වූ  මෙම පිඹුරා කාරයක ඩෑෂ් බෝඩයේ අස්සට වී සිරව සිට ඇත. මේ පිළිබඳව පශු වෛද්‍යවරයෙකු වන විමුක්ති කුමාරතුංග දැනුවත් කිරීමට කාරයේ හිමිකරු කටයුතු කර ඇති අතර අනතුරුව විමුක්ති සහායකයින් පිරිසක් සමග අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. මෙම සිදුවීමවී තිබෙන්නේ බ්‍රිස්ටල් හිදීය.

බ්‍රිතාන්‍යයේ මාධ්‍යට පුවතක් වී ඇත්තේ සතෙකු බේරා ගැනීම වුවද අප රටට පුවත වී ඇත්තේ විමුක්ති කුමාරතුංග විසින් පිඹුරෙකු බේරා ගැනීමය. පශු වෛද්‍යවරයෙකු වන විමුක්ති පිඹුරෙකු බේරා ගැනීම ඔහු කරනු ලබන සේවයේ සාමාන්‍ය අංගයක් නොවේද?

01 02 03   
 


 
Related Posts with Thumbnails