Ads 468x60px

.

අස්ගිරි මහනාහිමියෝ අපවත් වෙති


සියම් මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබෙනවා. මහනුවර ශ්‍රී දළඳා මාලිඟාවේ දිය වඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසුවේ සති කිහිපයක්
සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බවයි. 

මේ පිළිබඳ වැඩි විස්තර මාධ්‍ය වෙත පසුව දැනුම් දෙන බවද ඔහු කියා සිටියා. අස්ගිරි මහ නා හිමියෝ (85) අද අළුයම අපවත් වුයේ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබත් රෝහලේදී වන අතර අාදාහන පුජෝත්සව කටයුතු සඳහා සංඝ සභාව අද රැස්වීමට නියමිතය.
 
Related Posts with Thumbnails