Ads 468x60px

.

Facebook භාවිත කරන්නන් මානසික අවපීඩනයට ලක් වීමේ අවදානමක්!


නිරන්තරයෙන් Facebook භාවිත කරන්නන් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බවට නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ, අමෙරිකාවේ හූස්ටන් විශ්ව විද්‍යාල යේ සමාජයීය මනෝවිද්‍යාව පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි අපේක්ෂකයෙකු වන Mai-Ly Steers නමැත්තෙකි.

ඔහු සිය උපාධි නිබන්ධනය වෙනුවෙන් කළ එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, Facebook භාවිත කරන්නන් සිය මිතුරන්

(‍‍Facebook friends) සමග තමන් සංසන්දනය කිරීමට නිරන්තරයෙන් උත්සහ කරන බව ය.

එම සංසන්දනයේදී තමන්ට වඩා උසස් ජීවිත ගත කරන මිතුරන්ගේ ජීවිත දෙස බලා කලකිරීමට හෝ විශ්වාසභංගත්වයට පත් වීමක් සිදුවන බව එම පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

මේ හරහා කලකිරීමට ලක් වන්නන් මානසික අවපිඩනයකට ලක් වීමේ අවදානමක් පවතී.

Facebook වෙබ් අඩවිය හරහා මිතුරන් පළ කරන බොහෝ තොරතුරු සහ ඡායාරූප සිය ජීවිතය සමග සංසන්දනය කරන්නන් සමාජයට මෙන් ම තමන්ට ද වෛර කිරීමට ත්, අදාළ මිතුරන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීමටත් ඍජුව බලපාන බව පර්යේෂකයාගේ නිගමනය යි.

එහෙයින් මෙම තත්ත්වය සමාජ සමබරතාව කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවට සමාජයීය මනෝ විද්‍යාඥයින්ගේ අදහස යි.
 
Related Posts with Thumbnails