Ads 468x60px

.

Youtube වෙත එක්වූ මුල්ම වීඩියෝව බලන්න


ලෝක ප්‍රකට යූ ටියුබ් වෙබ් අඩවියට නිළ වශයෙන් පළමු විඩියෝ පටය එක් කර වසර 10ක් සම්පූර්ණ වී තිබෙනවා. යූ ටියුබ් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජාවෙඞ් කරීම් විසින් එම විඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ 2005 වසරේදීයි.

ඔහු විසින් සත්ව උද්‍යානයක සිට පටිගත කරන ලද විඩියෝ පටයක් එලෙස මුදාහැර තිබුණා. එදා සිට ආරම්භ වූ යූ ටියුබ් වෙබ් අඩවිය අද වනවිට ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. මේ වනවිට
එක් මාසයක් තුළ යූ ටියුබ් වෙබ් අඩවියට පිවිසෙන සංඛ්‍යාව මිලියන 800 ක්.

සෑම මිනිත්තුවකම යූ ටියුබ් වෙබ් අඩවියට පැය 300 ක වීඩියෝ පට එක්වන බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ. ලොව වැඩිම පිරිසක් පරිහරණය කරන වෙබ් අඩවි අතර යූ ටියුබ් වෙබ් අඩවියට හිමිවන්නේ 3 වන ස්ථානයයි. මේ දක්වා යූ ටියුබ් ඔස්සේ වැඩිම පිරිසක් නරඹා ඇති වීඩියෝ පටය වන්නේ ගන්ගම් ස්ටයිල් ගීතයයි. එය නැරඹූ සංඛ්‍යාව බිලියන 2.24 ක්. 

 
Related Posts with Thumbnails