Ads 468x60px

.

අලුත් ජනපතිගේ අලුත්ම කොඩිය


ඊයේ (23) දිනයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයක් සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබීය. එම කතාවෙන් අනතුරුව ජනපතිවරයාගේ පිටුපස ජාතික කොඩියට අමතරව තිබූ අනෙක් කොඩිය සම්බන්ධව සමාජ ජාල වෙබ් අඩවිවල මේවනවිට කතාබහක් ඇතිවී තිබේ. 

පෙර ජනපතිවරයා විසින් එවන් කොඩියක් භාවිතා නොකළ බවත් මෛත්‍රිපාල ජනපතිවරයා විසින් මෙවන් කොඩියක් භාවිතා කිරීමේ
හේතුව කුමක්දැයි යන්න සාමාජ ජාල වෙබ් අඩවි වල පරිශීලකයන් විසින් ප්‍රශ්නකොට තිබුණි.

ලංකාවේ පළමු ජනපතිවරයා වන විලියම් ගොපල්ලව මහතාගේ පටන් සෑම ජනපතිවරයෙකුම තම පාලන කාලය තුල ඔවුන්ට වෙන්වූ කොඩියක් භාවිතා කරන ලදී.මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිටුපස ඊයේ දිනයේ (23) පෙනේනෙට තිබූ කොඩිය වුයේ ඔහු වෙනුවෙන් නිර්මාණය කළ කොඩිය වේ.

විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා භාවිතා කළ කොඩිය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය විසින් භාවිතා කළ කොඩිය 
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් භාවිතා කළ කොඩිය 


වත්මන් ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කොඩිය 

 
Related Posts with Thumbnails