Ads 468x60px

.

ගිහින් වැඩ කරන්න ඔයගොල්ලන්ව මාරු කරලා දායි - අපිව ගෙදර යෑව්වත් කමක්‌ නැහැ අපි සර්ගාව ඉන්නවා යෑයි රෝහල් සේවකයෝ කියලා


''දේශපාලන වශයෙන් මොන තීන්දු ගත්තත් රාජපක්‍ෂවරු හොරු නොවෙයි. ඒක පැහැදිළිව කියන්න ඕන. බැසිල්ට විරුද්ධව තියෙන්නේ දේශපාලන චෝදනා. දේශපාලනඥයන් ක්‍රියාත්මක කරන්නේ කැබිනට්‌ මණ්‌ඩලය ගන්න තීන්දු. ඒ අනුව පේනවා මේ ඔක්‌කොම පළිගැනීමට
කරන වැඩ කියලා" යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 දා) කීවේය.

දැනට රක්‍ෂිත බන්ධනාගාර ගතව කොළඹ ජාතික රෝහලේ ගෙවීම් වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ

මහතාගේ සුවදුක්‌ බැලීමට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් අනතුරුව රැස්‌ව සිටි පිරිස අතරට පැමිණ මෙසේ ද කීවේය.

දැන් දින 100 ඉවරයි නේද? කරපු දෙයක්‌ නම් නැහැ. 19 වත් සම්මත කර ගත්තේ නැහැනේ. මන්ත්‍රීවරු 19 ට අත උස්‌සන්න ලෑස්‌ති වෙලා ඉන්නේ. ඒත් තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. බොරුවට කොමිෂන් සභාවල සාමාජිකයෝ ඉවත් කරලා ඒ අයගේ හෙංචයියෝ දාගත්ත එක විතරයි කළේ.

මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන කුමන රැලියට සහභාගි වන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්‍ෂ මහතා "වෘත්තිය සමිතිවලින් ආරාධනා එනවා. ශ්‍රී ල.නි.ප. යෙන් ආරාධනා එනවා. හැමෝම ආරාධනා කරනවා. රැස්‌වීමට ඇවිත් බලන්නකො මොකටද එන්නේ කියලා.

මෙහිදී රෝහල් කාර්ය මණ්‌ඩලයේ විශාල පිරිසක්‌ හා රෝගීන් බැලීමට පැමිණ සිටි පිරිස්‌ද මහින්ද රාජපක්‍ෂ මහතා වටකර ගනිමින් ඔල්වරසන් දුන් අතර එහිදී රෝහල් කාර්ය මණ්‌ඩලය අමතා රාජපක්‍ෂ මහතා "ඔයගොල්ලො මාරු කරලා දායි. ගිහින් වැඩ කරන්න" යෑයි කීවේය.

"අපිව ගෙදර යෑව්වත් කමක්‌ නැහැ. අපි සර්ගාව ඉන්නවා" යෑයි එවිට රෝහල් සේවකයෝ පැවසූහ.

හිටපු ජනාධිපතිවරයා සමග හිටපු ඇමැතිවරයකු වන එස්‌. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, කමලා රණතුංග, බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග යන මහත්ම මහත්මීහුද බැසිල් රාජපක්‍ෂ මහතාගේ සුවදුක්‌ බැලීමට පැමිණ සිටියහ.
 
Related Posts with Thumbnails