Ads 468x60px

.

කාමරය වෙත කැඳවා රෝගියා පරීක්‍ෂා කරන මුවාවෙන් තරුණිය අයුතු ලෙස ස්‌පර්ශ කල දොස්තර


වෙසක්‌ පුන් පෝයදා උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට මාවනැල්ල නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ වෙත පැමිණි 18 හැවිරිදි විවාහක කාන්තාවකට ප්‍රතිකාර කරන මුවාවෙන් අතවර කළ වෛද්‍ය වරයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු මාවනැල්ල වැඩ බලන මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින දෙකක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස නියෝග කර ඇත. මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ උදයා නන්ද ජීවන්දර නමැති මාවනැල්ල නගරයේ පදිංචි වෛද්‍යවරයෙකි.

මෙම කාන්තාව සිය සැමියා සමග එදින සවස 7 ට පමණ ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත පැමිණ තම වාරය එන තෙක්‌ රැඳී සිට ඇත. මේ අතර ඇගේ ස්‌වාමි පුරුෂයා කොණ්‌ඩය කපා ගැනීම සඳහා

මාවනැල්ල නගරයේ බාබර් සාප්පුවක්‌ වෙත ගොස්‌ ඇත.

මෙම තරුණ කාන්තාව මෙම වෛද්‍යවරයා හමු වූ පසු රෝගීන් පරීක්‍ෂා කරන කාමරය වෙත කැඳවා රෝගියා පරීක්‍ෂා කරන මුවාවෙන් ඇය අයුතු ලෙස ස්‌පර්ශ කර ඇතැයි අනාවරණය වේ මෙම අවස්‌ථාවේ කාන්තා හෙදියක්‌ ඇය අසල සිට නොමැති අතර බෙහෙත් ලබා දෙන කාන්තාව ඇගේ කුටිය තුළ සිට ඇත. 


මෙම සිදුවීමෙන් පසු ප්‍රතිකාර නොගෙන මෙම බොහෙත් සාප්පුවේ ඉදිරිපසට පැමිණි කාන්තාව කඳුළු සලමින් තම ස්‌වාමි පුරුෂයා එන තෙක්‌ රැඳී සිට ඇත. ස්‌වාමිපුරුෂයා වෛද්‍යවරයාගෙන් මෙම සිදුවීම ගැන විමසා පසුව මාවනැල්ල පොලිසිය වෙත ගොස්‌ පැමිණිලි කර ඇත. මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails