Ads 468x60px

.

තරුණිය නිදා සිටියදී පූසා අල්ලන්න ගිහින් ඇඟට වැටුණු තරුණයා


වයස අවුරුදු 19 ක විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත රත්මලේ ප්‍රදේශයේ 55 හැවිරිදි විවාහක පියකු පසුගියදා (29) සවස දික්‌වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්‌වාමිපුරුෂයා බැහැරව සිටි නිසා මෙම පුද්ගලයා එම කාන්තාවගේ ආරක්‌ෂාවට මෙම නිවසේ රාත්‍රී ගතකර ඇති බව පොලිසිය පවස
නවා.

සිද්ධිය සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහු පොලිසියට කියා ඇත්තේ රාත්‍රී කාලයේ මෙම නිවසේ සිටි බළල් පැටවකු තවත් සතෙකු සමඟ පොරකනු ඇසී එම පූස්‌ පැටියා සොයා මෙම කාන්තාව නිදා සිටි

කාමරයට ගිය බවත් පූස්‌ පැටියා උඩ ස්‌ථානයක සිටිනු දැක එම සතා ගැනීමට ඇඳේ විට්‌ටමට නැගීමේදී තමන් කාන්තාවගේ ශරීරය මතට ඇදවැටුණු බවයි.

එහෙත් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මෙම පුද්ගලයා පැමිණ තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කරන විට තමන් ඔහු තල්ලුකර දමා කාමරයෙන් පැන ගිය
බවයි.

මෙම කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු පෙරේදා (30 දා) මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
Related Posts with Thumbnails