Ads 468x60px

.

රොස්වෙල් ප‍්‍රදේශයට කඩා වැටුණ පියාඹන පීරිසියේ අබිරහස අද හෙලි කරයි (පින්තුර)


1947 වසරේ අමෙරිකාවේ රොස්වෙල් ප‍්‍රදේශයට කඩා වැටුණ බව කියන පියාඹන පීරිසියේ අබිරහස අද [06] හෙලි කිරීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සූදානම් වනවා. මෙම තොරතුරු හෙළිකිරීමට
නියමිතව ඇත්තේ සද මත පා තැබූ සය වන මිනිසා වන අභ්‍යාවකාශගාමී එඩ්ගර් මිචෙල් ඇතුළු පිරිසක් විසින්. 

එලෙස කඩා වැටුණේ පිටසක්වල ජීවින් සහිත පියාඹන පීරිසයක් බවට එම කාලයේදී මතයක් පැවතියා. කෙසේ වෙතත් එවකට පැවැති අමෙරිකානු රජය පැවසුවේ මෙය පිටසක්වල යානාවක් නොවන බවයි. එසේම එම යානය සම්බන්ධයෙන් තොරතුරු සැඟවීමට උත්සාහ කළ බවටද විද්‍යාඥයින් පවසනවා.

එම යානයේ ගමන් කළේ යැයි කියන මිනිසුන් නොවන පිටසක්වල ජීවින් යැයි හැඟවෙන ඡායාරූප සහ වීඩියෝ පට එකළ ප්‍රසිද්ධියට පත් වුවද ඒවා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව සනාථ කර නැහැ. 


කෙසේ වෙතත් රොස්වෙල් සිද්ධියේ මෙතෙක් හෙළි නොවූ ඡායාරූප සහ වීඩියෝ දසුන් සියල්ල අද (06) හෙළි කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. විද්‍යාඥයින් වැඩිදුරටත් පවසන්නේ ඉන් පසුව රොස්වෙල් සිද්ධිය සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් ඉතිරි නොවන බවයි.

පහතින් දැක්වෙන්නේ 1947දී අනතුරට පත් පියාඹන පීරිසියේ දැනට නිකුත් වී ඇත ඡායාරූපයි. 











 
Related Posts with Thumbnails