Ads 468x60px

.

අසම්මත ලිංගික බැඳීම් සම්මත කිරීමට ලොවම එක්වුනේ මෙහෙමයි - සිංහ කොඩියත් ඉදිරියෙන්


කාන්තා සහ පිරිමි සමරිසි (Gay & Lesbian) , ද්වීරිසි (Bisexual) සහ විපර්යාසිත (Transgender) ලිංගික ප්‍රජාව සැමරීමට ලක් කෙරෙන ජුනි මාසය එළැඹීමත් සමඟ ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජජාල වෙබ් අඩවි ද ඊට සැරසී සිටින්නේ මෙම සැමරුමටම ආවේණික වූ දේදුණු වර්ණවලින් තම වෙබ් අඩවි සමරමින්.

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, පසුගිය 25 වනදා ඔහුගේ පුද්ගලික ෆේස්බුක් ගිණුමෙහි සටහන්කොට තිබූයේ, තමා ඇතුළු

ෆේස්බුක් වෙබ් අඩවිය මෙම සැමරුම් මාසයට තම සහයෝගය ලබා දෙන බවයි. එමෙන්ම ඊයේ (26) රාත්‍රියේ මාක් තම ගිණුම් සේයාරුව වෙනස් කොට තිබුණේ දේදුණු වර්ණවලින් පැහැගැන්වූ තම ඡායාරූපයකින්.

මාක් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය විවිධ චරිත ද තම ගිණුම් ඡායාරූප දේදුණු වර්ණයෙන් හැඩගන්වා තිබෙනු දක්නට ලැබුණා. සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ද ඒ අතර වනවා. 


ඕනෑම ෆේස්බුක් ගිණුම් හිමියෙකුට තම ගිණුම් සේයාරුව දේදුණු පැහැයෙන් වර්ණ ගන්වාගත හැකි වන පරිදි ඇප්ලිකේෂන් එකක් ද ෆේස්බුක් අඩවිය මගින් හඳුන්වා දී ඇති අතර ට්විටර්, ගූගල්, යාහූ ඇතුළු විවිධ ජනප්‍රිය වෙබ් සේවාවන් දේදුණු පැහැය යොදමින් මෙම සැමරුම වෙත තම සහයෝගය තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මෑතකාලීනව රටවල් කිහිපයක් තුලම සමලිංගික අයිතීන් තහවුරු කෙරෙන ආකාරයේ නීතීන් ගෙන ඒම ද කැපී පෙණුනා. ඒ අතුරින් වඩාත් අවධානයට ලක් වුණේ ඇමරිකා එක්සත් ජනපදයෙහි අධිකරණයෙන් ඊයේ ලබා දුන් තීන්දුව යි. 


ඇමරිකාවෙහි සෑම ප්‍රාන්තයක් තුලම සමලිංගික විවාහයන්ට අවසර ලබා දීම මෙම නීතිය මගින් තහවුරු කෙරුණා. එමෙන්ම වඩාත් සුවිශේෂී කාරණාව වූයේ ඇමරිකාවේ ජනාධිපති නිළ නිවස වන ධවල මන්දිරය ද දේදුණු ආලෝකයන්ගෙන් වර්ණවත් කොට තිබෙනු දක්නට ලැබීම යි.

1
2
3
20150626_white_house_rainbow_3_ap_1160_956x519 

සමලිංගික පා ගමනේ දී සිංහ කොඩියත් ඉදිරියෙන්ම  

සමලිංගික අයිතීන් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර දී පසුගිය දා පැවැත්වුණු “ලන්ඩන් අභිමානය” පා ගමනට විශාල ජන සහභාගීත්වයක් හිමි වුණා. පා ගමනෙහි ඉදිරියෙන්ම ලොව විවිධ රටවල්වල කොඩි රැගෙන ගිය අතර එහි ශ්‍රී ලාංකීය ධජයත් ප්‍රදර්ශණය වනු දක්නට ලැබුණා.

පසුගිය වසරේ මෙම පා ගමනට 750,000 කට අධික ජනකායක් සහභගී වූ අතර මෙවර එම සංඛ්‍යාව දශ ලක්ෂයක් පමණ විය හැකි බවට ඇස්තමේන්තු කරනු ලැබ තිබුණා.

150627150951_bbc_gay_rights_640x360_bbc_nocredit
150627151846_london_gay_rights_640x360_bbc_nocredit
ukip-pride
1435427435-thousands-parade-for-pride-2015-in-london_7956810
AN74082598Participants-take
1435447108-annual-pride-parade-london-june-2015_7963346
pride
image
 
Related Posts with Thumbnails