Ads 468x60px

.

එක්ව විසූ තරුණියගේ නිරුවත් දර්ශණ ඇතුළත් ලිංගික දර්ශන වෙබ් අඩවියට දැමූ නිරූපණ ශිල්පියා


තමා සමඟ වසර 7ක් එක්ව විසූ තරුණියගේ නිරුවත් දර්ශණ ඇතුළත් වීඩියෝවක් වෙබ් අඩවියට මුදාහළ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියකු
බව කියන ජොහාන් සම්පත් රොමේෂ් ද සිල්වා නමැත්තා ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එ් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. මෙම පුද්ගලයා ‘එ්ෂියන් මොඞ්’ නමැති ඇඳුම් මෝස්තර නිර්මාණ ආයතනයේ නිර්මාණ ශිල්පියකු යැයි පැවසේ.

ඔහු ඉහත තරුණිය සමඟ වාසය කර ඇති අතර, ඔවුන් එක්ව සිටින ලිංගික දර්ශණ සහිත වීඩියෝවක් වෙබ් අඩවියට මුදාහැරීම නිසා එම තරුණිය කරන ලද පැමිණිල්ලකට අනුව 1983 අංක 22 දරණ ‘අසභ්‍ය ප‍්‍රකාශන’ පනත යටතේ නඩු පවරනු ලැබී ය.

මෙම වීඩියෝව පෙන්වමින් කලක් තිස්සේ අන්තර්ජාලයට මුදාහරින බව පවසා ඉහත පුද්ගලයා මුදල් ලබාගත් බවද තරුණියගේ පැමිණිල්ලේ සඳහන් ය.
 
Related Posts with Thumbnails