Ads 468x60px

.

චන්ද්‍රිකා කැලණි පන්සලේදී කරපු කොළොප්පමට මර්වින්ගේ ඇස් රතු වුන හැටි


ආ..මං තමයි 
මේක හැදුවේ.. 
දන්නවද මැඩම්..
- මර්වින් අහලා 

පසුගිය දිනවල චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ඇගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උත්සව ගණනාවකට සම්බන්ධ වුණා.

මේ අතර පසුගිය දිනෙක කැලණිය රජමහා විහාරයේ පැවැති ආශිර්වාද පින්කමකට ඇය එන බව සැලවී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇගෙන් ලකුණු දාගන්නට දැරූ උත්සාහයක් ඇස් රතුවී නිමාවට පත්වූ සිද්ධියක් ආරංචි වෙනවා.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.


බණ්ඩාරනායක මහත්මිය මේ පින්කමට සහභාගි වීම සඳහා සවස 6 ට කැල‚ය පූජා බිමට පැමිණීමට නියමිතව තිබුණත් ඇය එහි පැමිණෙන විට රාත්‍රි 8 පසුවූ බව වාර්තා වුණා. සවස 6 සිටම ඇය බලාපොරොත්තුවෙන්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එහි රැඳීසිට ඇත. 

චන්ද්‍රිකා මහත්මිය පැමිණීමෙන් පසු ගිලන්පස, මල් පහන් රැගත් බෝධි පූජාමය පෙරහර සමඟ ඇය බුදු මැඳුර වෙත ගමන් ගත්තා. එම අවස්ථාවේ ඇය පිටුපසින් මර්වින් සිල්වා ගමන් ගත් නමුත් ඇය සිට ඇත්තේ ඔහු නොදුටු ගාණටය.

මර්වින් සිල්වා අවස්ථා කිහිපයකදීම චන්ද්‍රිකාට යම් යම් දේ පැවැසීමට උත්සාහ ගත්තත්, ඒවා සියල්ල නෑසු කන්ව සිටින්නට ඇය වගබලාගෙන තිබුණ අතර ඒවා මර්වින් සිල්වා තනියම මුමුණාගත් වචනවලට පමණක් සීමාවී ඇත.

ඔහු පැවැසූ කිසිවක් චන්ද්‍රිකා මහත්මිය කනකට වත් නොගත් ස්වභාවයකින් ඇය ඇගේ පින්කමේ වැඩ සියල්ල කරගෙන තිඛෙනවා.

කෙසේ නමුත් ආශීර්වාද පින්කම අවසානයේ ඇය කැල‚ය විභීෂණ දේවාලයට ගිය අවස්ථාවේ ඇය හා කතාබහක් ඇති කරගන්නට මූණ ඉදිරියටම ආ මර්වින් සමත්වුණා.

ඇය පිටුපස ගිය මර්වින් සිල්වා දේවාලයටද ඇතුළුවී මුහුණ දෙසට හැරී කියා ඇත්තේ ආ..මං තමයි මේකෙ තියන ඒවා හැදුවේ.. දන්නවද මැඩම්.. ලෙසිනි.

එහිදී චන්ද්‍රිකා මහත්මිය මුවගට සිනාවක් නගාගෙන මර්වින්ට පිළිතුරුදී ඇත්තේ ˜ඔයා විෂ්ණු දේවාලය හැදුවට පස්සෙ කැල‚යේ හිටපු දෙවිවරුන් යන්න ගියා˜ කියාය.


මේ කියමන සමග මර්වින්ගේ මුහුණ වෙනස්වූ බව පැවසේ.

ඔහුට එතැන තවදුරටත් සිටිය නොහැකි සෙයක් හැගී ගොස් ඇත.
චන්ද්‍රිකා සමග උරණ වූ මර්වින් කෝප ස්වරූපයකින් විභීෂණ දේවාලයෙන් වේගයෙන් පිටව ගොස් ඇත්තේ මොන මොනවාදෝ මුමුණමින්ය. නමුත් ඒ වචන කිසිවෙකුට ඇසී නැත.
 
Related Posts with Thumbnails