Ads 468x60px

.

රෝහල් අධ්‍යක්ෂකගේ බත් පතේ ඉහද පණුවෙක්


පුත්තලම නගරයේ ප්‍රසිද්ධ නවාතැන් පහසුකම් හා ආහාර ලබා දෙන ස්ථානයකින් පුත්තලම රෝහල් අධ්‍යක්ෂක වරයාට රැගෙන ආ දිවා ආහාරයේ (Maggots) හෙවත් ඉහද පණුවෙකු සිටි බව හදුනා ගැනීමෙන් අනතුරුව ඔහු නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට අද (12) වන දින පැමිණිලි කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව තිබුණේ පුත්තලම මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂක වරයාටයි. වෙනදා සුපුරුදු පරිදි තම නිවසෙන් දිවා ආහාරය රැගෙන එන නමුත් එදින නිවසේ මෙහෙකාරිය අසනීප වීම

හේතුවෙන් දිවා ආහාරය රැගෙන ඒමට ඔහුට නොහැකි වී තිබෙනවා.

පසුව රෝහලේ සේවකයෙකු  යොදවා පුත්තලම නගරයේ ප්‍රසිද්ධ හා ප්‍රබල පෙලේ නවාතැන් පහසුකම් සපයන ගෙස්ට් ඉන් රෙස්ටුවරන්ට් එකකින් දිවා ආහාරය රැගෙන විත් ඇති අතරල එම ආහාරය කෑමට ගැනීමේදී ඒ තුල තිබී රෝහල් අධ්‍යක්ෂක වරයාට බත් ඇට වලට සමාන පණුවෙකු හමූ වී ඇති බව පවසා තිබෙනවා.

පසුව රෝහල් අධ්‍යක්ෂක වරායා අදාල පණුවා ඉහද පණුවෙකු බවට හදුනාගෙන ඇති බවත්, මෙවැනි පණුවන් කුණු කාණු මල අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානවල හා අපිරිසිදු ස්ථාන වල දක්නට ඇති බවද  රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසනවා.

එසේම ඔහු පවසන්නේ මෙම රැගෙන ආ දිවා ආහාරයේ තිබූ සම්බෝලයද ඉතාමත් අපිරිසිදු මට්ටමෙන් තිබූ බවයි. මේ පිළිබදව රෝහල් අධ්‍යක්ෂක වරයා නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කැදවා අදාල කටයුතු සිදු කිරීමට උපදෙස් දී තිබෙනවා.


 
 
 
 
 
Related Posts with Thumbnails