Ads 468x60px

.

පුතාට වසීම්ගේ නම දැම්ම රගර් ක්‍රීඩකයාගේ මාමා කියන කතාව...


පසුගියදා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය නැවත ගොඩගැනීමත් සමඟින් රටපුරා ඒ පිළිබඳව විවිධ පුවත් මැවෙන්නට වුණා.

එමෙන්ම බොහෝ පිරිසක් මෙහි අවසන් තීන්දුව සම්බන්දයෙන්ද විමසිල්ලෙන් පසුවන අතර මේ වන විට වසීම් තාජුදීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් මහතා විසින් මීට පෙර කිසිවෙකුට නොකී කාතවක්

සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ වසීම්ගේ දේහය නැවත ගොඩගන්නට පවුලේ ඥාතීන් අකමැති බවට පැතිරගිය කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එමෙන්ම වසීම්ගේ සිරුර වළදැමූ අයුරු සම්බන්දයෙන් මෙන්ම තමන් ඔහුට කෙතරම් ආදරය කලාද යනවග ගැන එම කතාවේ වැඩිදුරටත් සඳහන් වනවා. පුවත්පතේ දැක්වෙන ඔහුගේ කතාව පහතින්....

2012 මැයි 17 වැනි දා නාරාහේන්පිට උද්‍යාන පාරේ මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගොස් සිටි වසීම් තාජුඩීන්ගේ මළ සිරුර දෙහිවල පල්ලියේ කාමරයක් තුළදී අපේ අගම් චාරිත්‍රානූකූලව නාවා පිරිසිදු කොට පිරිසිදු කපු සුදු රෙද්දක එතීමට පෙර මට එවෙලේ ආ සිතිවිල්ලක් අනුව එය සුදු ඉටි රෙද්දකින් ඔතලයි සුදු රෙද්දෙ එතුවෙ. 


අපේ ආගම් චාරිත්‍ර අනුවයි මළ සිරුරේ භූමදාන කටයුතු සිදු කළේ, පසුගිය 8 දා හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කියා තිබුණා මෙම දේහය ගොඩගැනීමට පවුලේ ඥාතීන් අකමැතියි කියලා.

එයට අප විරුද්ධ වුනේ නැහැ. අප රජයේ නීතියට අප යටත් විය යුතුයි. අධිකරණ නියෝගවලට අපි යටත් විය යුතුයි. අප සිරුර ගොඩගැනීම සම්බන්ධව කිසිම විරෝධයක් දැක්වූවේ නැහැ. අපේ ආගමට අනුව මේ
අපරාධය කළ අයට දෙවියන් විසින් දඬුවම් දෙනවා. මෙම සිද්ධිය සිදුව ඇත්තේ මගේ පුතාටයි. හෙට දිනයේදී කිසිම කෙනෙකුට මෙවැනි සිද්ධීන් සිදු නොවිය යුතුයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් කියා සිටිනවා ඔවුන් බලයට පත් වූ විට මේ පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වනවා කියල. සිද්ධිය සිදු වුණු වකවානුවේ ඔහු ජනාධිපති ලෙසයි සිටියේ. එදා ඒක කිරීමට නොහැකි වූ නිසා එතුමාගේ පැත්තට ඇගිල්ල දිගු කරන්න වෙන්නේ යැයි ද ෆයාස් මහතා පැවසීය.

මගේ අක්කගේ පුතා වන තාජුඩීන් පුතා මට හරි ආදරෙයි. ඔහු නිතරම සිටින්නේ සිනා මුහුනින්මයි. ඔහු රගර් ක්‍රීඩාවට විශාල ඇල්මක් ආදරයක් තිබුණා. අනිසි ක්‍රියා වලට පෙලඹුනේ නැහැ. ඔහු මිය ගොස් වසර කිහිපයකට පසු මගේ බිරියට පුතකු ඉපදුනා. මා ඔහුට නම තැබුවේ මෙම පුතනුවන්ගේ නමයි.
 
Related Posts with Thumbnails