Ads 468x60px

.

මිනිහා මට දීලා තියෙන්නේ අසුබ දිනේ' - මහින්ද ජෝතීෂ්‍ය උපදෙස් ගැන හෙළි කරයි (වීඩියෝ)


ජනපති ධූර කාළය තවත් වසර 2ක් තිබියදී ජනාධිපතිවරණයක් කැඳවීම දෛවඥයන්ගේ කීමට සිදු කළ දෙයක් නොවන බවත් නමුත් එය සුබ දිනයක්ද යන්න විමසීමට දෛවඥයන්ගේ මතය විමසීමක් සිදු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) රාත්‍රී දෙරණ නාලිකාවේ පැවති විශේෂ 360 දේශපාලන සාකච්ඡාවට එක්වෙමිනුයි.

‍රාජකීය දෛවඥයා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ ජෝතීෂ්‍ය උපදේශක වූ සුමනදාස අබේගුණවර්ධන මහතා ජනාධිපතිවරණයක් කැඳවීමට
අවශ්‍ය සුබ දිනයක් ලබා දීම පිළිබඳවද මෙහිදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළේය. 

“ මිනිහා දීලා තියෙන්නේ අසුබ දිනේ මට. සුබ දිනේ මෛත්‍රීට ඒ කොහොම වුණත් ඒ දිනය ගැන තමා මගේ තිබුණේ. දැන්නම් මං ඒක පොඩ්ඩක් එහාට කරලා තියෙන්නේ. දැන් මම තමයි දෛවඥයා.“

මෙවර මැතිවරණයට දෛවඥයන්ගේ උපදෙස් ලබා නොගත් බවත් දැන් තමාගේ අතේ නොමැති බවත් ඒ පැත්තෙන් සුබ දිනේට තීරණය කළාම තමා ඉදිරිපත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අතර 18 වන සංශෝධනය හා සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවත් මේවන විට දේශපාලනයේ කතාබහට ලක්වන කරුණු පිළිබඳවත් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළ අතර එහිදී දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.

 
Related Posts with Thumbnails