Ads 468x60px

.

සන්ධානෙ ෆයිල් අරන් යන නංගි කියල මට කියනවා - මහින්දගෙ පස්සෙන් ෆයිල් අරං යන නංගියා කියන කතාව


එජනිස ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදුටුදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුපසින් ෆයිල් මිටියක් අරගෙන ගමන් කළ අයේෂා මධුෂානී නමැති තරුණිය පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

අන්තර්ජාලයේ කථාබහට ලක්වුණු ඇය පිළිබඳ තවත් තොරතුරු සොයා බැලීමේදී ඇය 24 හැවිරිදි නර්තන ශිල්පිණියක් බවටද ආරංචි වුණා. 

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ප්‍රදේශයෙන් කොළඹට පැමිණ සිටින ඇය වසර කිහිපයක සිට නර්තන කණ්ඩායමක් පවත්වා යන බවත් සෞන්දර්ය ය විෂය යටතේ උසස් අධ්‍යාපනයේ නිරතවන්නියක බවත් වාර්තා වුණා.

මහින්ද රාජපක්ෂගේ උත්සවයට ඇයට සම්බන්ධ වන්නට අවස්ථාව ලැබී ඇත්තේ එම උත්සවය සංවිධානය කළ ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන යේ ඇයට ලැබුණ තාවකාලික සම්බන්ධීකරණ තනතුර නිසාය. ඒ සඳහා

නිරූපිකාවන් කිහිප දෙනෙකු දායක කරගෙන තිඛෙන අතර ඇයද එක් තැනැත්තියකි.

මේ සම්බන්ධව පසුගියදා පුවත්පතකට ප්‍රකාශයක් කළ අයේෂා මධුෂානි ඇය මින් පෙරද මෙවැනි ජනහමු සඳහා සහභාගීවූ බවත් දේශපාලන පක්ෂපාතීත්වයක් හෝ කිසිවක් ඒ සඳහා අදාළ නොවූ බවත් කියා සිටියා. හිටපු ජනපතිවරයා පසුපසින් ෆයිල් අරගෙන ගියත් ඇයට ඔහු සමග කථාකරන්නට අවස්ථාව ලැබී නැත.

තමා හිටපු ජනපතිවරයා දැක ඇති මුත් හඳුනන්නේ නැති බව කියන ඇය ඇගේ ගම කුරුණෑගල වීමත් හිටපු ජනපති කුරුණෑගලින් ඡන්දය ඉල්ලීමත් මත පසුගියදා තමා ෆයිල් අරන් යන හැටි පළවීමෙන් පසු අන්තර්ජාලයේ මඩ ප්‍රචාරයන් පළවූ බව කණාගාටුවෙන් පවසයි.

මඩ ගහන එක වැරදියි. ඒගොල්ලො හිතන්න ඕන එයාලටත් සහෝදරිය න් සිටින බව. පක්ෂ පාට ඛෙදාගෙන බලපුළුවන් කාර අය හැප්පුනාට අපිට හැප්පෙන්න බැහැනේ. සන්ධානෙ ෆයිල් අරන් යන නංගි කියල මට කියනවා. ඇත්තටම එදා උදේ වෙනකං මං හිතන් හිටියේ මට හිටපු ජනාධිපිතිතුමා පිලිගන්න බුලත් හුරුල්ලක් විතරක් දෙන්න අවස්ථාව ලැඛෙයි කියලා. නමුත් එදා ප්‍රතිපත්ති ප්‍රකාශෙ හැමෝටම ඛෙදන්න මට සිදුවුණා.

ඔබට දේශපාලන ආරාධනා ලැබුණාද?

 
ලැබුණා ලැබුණා..තරුණ කොටස් ඒකරාශි කරන වැඩසටහන් සංවිධානය කරන්න විවිධ පක්ෂ වලින් මට අඩගැහුවා.නමුත් මට ඒවට යන්න වෙලාවක් තිබුනෙ නෑ.

ඔබට දේශපාලනයට එන්න අරමුණක් තියනවද?

 
මට දේශපාලනයට එන්න අරමුණක් තියනව. නමුත් දැන්ම නෙමෙයි. දැනුවත් වෙලා අත්දැකීම් ලබාගෙන මගෙ දැන් කරන වැඩ ඉවර වෙලා එන්න හිතන් ඉන්නවා.
 
Related Posts with Thumbnails