Ads 468x60px

.

තම රථයේ පුද්ගලයෙක් ගැටුණු සිද්ධියට ගැන මනූෂ නානායක්කාර කියන කතාව - වීඩියෝ


එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතාගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, එහි රියැදුරු අහුංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

කොළඹ - දෙනියාය මාර්ගයේ වවුලගල ප්‍රදේශයේදී එම අනතුර සිදුවූ අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ සන්ධාන අපේක්ෂක මනූෂ
නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එම රථයේ සිට ඇති බව පොලිස්
මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.


ඔවුන් ගමන්ගත් රථය අකුරැස්සේ සිට ගාල්ල දෙසට පැමිණෙමින් තිබියදී ගාල්ල දෙස සිට පැමිණි යතුරු පැදියක් රථයේ ගැටී තිබෙනවා. පොලිසිය පැවසුවේ බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු ඉමදූව රජයේ
රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගියේ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි රණේපුර හේවගේ ගුණරත්න නැමති පුද්ගලයෙක්. මනුෂ නානායක්කාර මහතා ගමන්ගත් මෝටර් රථයේ රියදුරු අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ගාල්ල දිස්ත්‍රික් සංධාන අපේක්ෂක මනූෂ නානායක්කාර මෙලෙස අදහස් පළ කළා.

ඉමදූව සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී ඉතාමත්ම කනගාටුදායක ලෙස අනතුරක් සිද්ධ වුණා. යතුරුපැදිකරුවෙකු එම අවස්ථාවේදී බසයකට ඉස්සර කිරීමට යාමේදී මුහුණට මුහුණ ගැටීමක් සිද්ධ වුණා. 

මම අවටින් සහය ඉල්ලුවා. ඉල්ලුවේ අනතුරට පත් පුද්ගලයා ගෙනි යන්න. ඒ අවස්ථාවේදී වීඩියෝ ගත කරමින් හිටපු කණ්ඩායම මෙය අන්තර් ජාලයට මුදා හැරලා, මෙය අද කථිකාවක් නිර්මාණය කරලා දේශපාලන වාසි ගන්න.

එහි තවත් පුවත් පහතින්.

ඇක්සිඩන්ට් එකින් පසු මනුෂගේ කැබ් එකේ මරණාසන්න ලෙඩා රෝහලට නොයැවු හේතුව

ඊයේ සවස ගාල්ල ඉමදූව ප්‍රදේශයේ සිදුවූ කැබ් යතුරු පැදි අනතුරකින් යතුරුපැදිකරු මියගියා. එම කැබ් රථයේ සිටියේ මෙවර මැතිවරණයට තරග කරන මනුෂ නානායක්කාර සහ එය පැදවූ ඔහුගේ රියදුරාය.


සිද්ධිය අවස්ථාවේ පුද්ගලයා මරණාසන්නව සිටින විට කිසිවෙකු ඔහුව රෝහලට ගෙනයන්නට ඉදිරිපත් නොවූ බවක් එම අනතුර අවස්ථාවේ ලබාගත් වීඩියෝවකින් සටහන්ව තිඛෙනවා.


මනුෂ පවා සිය කැබ් රියෙන් රෝගියා ගෙන ගොස් තිබුනේ නැත. රෝගියා පසුව ත්‍රීරෝද රියකින් රෝහලට ඇතුළත් කරන්නට ක්‍රියාකර තිබුණත් ඔහු ඒ වනවිට අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා.මෙසේ මියගොස් ඇත්තේ ඉමදුව පුස්සැල්කඩ ප්‍රදේශයේ පදිංචි රණේපුර හේවගේ ගුණරත්න නැමැති 76 හැවිරිදි පුද්ගලයෙකි.


සිද්ධිය සිදුවූ පසු රෝගියාට පණතිබුණත් මනුෂ ඔහුව රෝහල වෙත ගෙනයන්නට අපොහොසත්වීම මේ වනවිට විවේචනයට බඳුන්ව ඇත මෙම ක්‍රියාකලාපයට හේතු පහදන්නට ඊයේ සවස මනුෂ නානායක්කාර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඔහු එහිදී කියා සිටියේ මෙසේය.



 අප ගමන් කරමින් සිටියදී බසයක් ඉස්සර කිරීමට හදිසියේ පැමිණි යතුරු පැදියක් අපගේ රථයේ ගැටී අනතුරක් සිදුවුණා. ඒ අවස්ථාවේදී අප උපරිම උත්සාහ දැරුවද එම අනතුර

වලක්වා ගැනීමට අපහසු වුණා. මේ සිද්ධියත් සමගම මම පොලිස් ස්ථානයට ගොස් මාගේ රියදුරා පොලිසියට බාර දුන්නා. ඒ හා සමගම රෝගියා රෝහලට ගෙනයාමටද කටයුතු සම්පාදනය කළා.

නමුත් අද වන වන විට අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි මගින් වැරදි මත ප්‍රචාර කරමින් සිටිනවා. අප මෙම අවස්ථාවේදී රෝගියා රෝහලට ගෙනයාමට උත්සාහ කළාදැයි යන පැනය මාධ්‍යය මගින් විමසීමකට ළක් කර තිබුණා. 


මෙම රෝගියා ගෙනයාමට අපි විශාල වශයෙන් අවටින් උදවු ඉල්ලා සිටියත්, ඒ අවස්ථාවේදී අපට උදවු කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වුනේ නෑ. මා ගමන් කළ රථයත් ධාවනය කළ නොහැකි තත්වයට පත්ව තිබුණා. එහි වායු බැලූන ක්‍රියාත්මක වී තිබුණු අතර එය ඇදගෙන යන මට්ටමට පත්ව තිබුණා.

මෙම සිද්ධිය වීඩියෝ ගතකර මුදාහැර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින්ය.

ඔවුන් එම අවස්ථාවේදී එම ස්ථනයෙන් ගමන් කරමින් සිටි අතර අප උදවු ඉල්ලා සිටියත් වීඩියෝ ගත කිරීම හැරෙන්නට, රෝගියා රෝහල් ගත කිරීමට උදවු කළේ නැහැ. මා එම අවස්ථාවේදී ගමන් කරමින් සිටියේ තනි වාහනයකින් වන අතර මා හට රථ පෙලක් තිබුණේ නෑ. 


එම අවස්ථාවේදී මගේ වාහනය ධාවනය කළ නොහැකි තත්වයක තිබුණු අතර අවසානයේදී රෝගියා රෝහල් ගත කළේ පාරේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකිනි. මමත් පොලිසියට හා රෝහලට ගමන් කළේ අසල තිබූ මෝටර් සයිකලයක ආධාරයෙනි.

 
Related Posts with Thumbnails