Ads 468x60px

.

තාජුඩීන් සාක්ෂි සමඟ නැගිටියි...!


2012 වසරේ අභිරහස් ලෙස මිය ගිය බව කියන ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන් මහතාගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරික්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු පවසති. ගිය රජයේ දේශපාලන ප්‍රබලතමයකුගේ පුත්‍රයකු

මේ ඝාතනයේ සැකකරුවකු විය හැකි බව පොලිස් ආරංචි කියයි.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා මහතා වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව රගර් කී‍්‍රඩකයා ඝාතනය කළ බව කියති.

වැඩිදුර වාර්තාවක් මගින් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ ඉළ ඇට වලට තියුණු ආයුධයකින් පහර දී දත් ද කඩා පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කිරිමෙන් බවද පොලිසිය කියයි. 


මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තිබී සොයාගෙන ඇත්තේ 2012.05.16 වන දින අතර එය ඊට දින කිහිපයකට පසු පොලිසිය කළ පරීක්‍ෂණ වලින් පසු අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසානය සඳහා මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදවා නීතිපති වරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩගැනීම පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දුන්නේය.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්‍ෂණය පැවැත්වීමට නියමිත බව දෙහිවල පොලීසිය කියයි.


එහි තවත් පුවත් පහතින්.

කුරිරු ලෙස වධ දී ඝාතනය කළ රගර් ක්‍රීඩක තජුඩීන්ගේ සිරුර යලි ගොඩ ගැනේ : තජුඩීන්ගේ පවුලේ අය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් .

අමානුෂික ලෙස ඝාතනය කළ ප‍්‍රසිද්ධ රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මළසිරුර විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේ ගොඩ ගැනීමට නියමිතය.

මළ සිරුර ගොඩ ගැනීමට නියමිත දිනය හා වේලාව ආරක්‍ෂක හේතූන් මත අනාවරණය කිරීමට නොහැකි බව පරීක්‍ෂණ මෙහෙය වන ආරක්‍ෂක අංශ නිලධාරිහු ලංකාදීපයට පවසා තිබේ.

අළුත්කඩේ අංක 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පෙරේරා විනිසුරු වෙත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ මෙතෙක් සිදු කළ විමර්ශන වාර්තා අනුව තජුඩීන්ගේ මරණය ඝාතනයකි.

මහේස්ත්‍රාත් නියෝග මත මළසිරුර යළි ගොඩගැනීමට නියමිතය.

කෲර ලෙස වදහිංසාවට භාජනය කර රගර් කී‍්‍රඩකයා මරණයට පත් කර ඇත්තේ ඔහුගේ බෙල්ලට තියුණු අවියකින් පහර දීමෙනි. ඉළ ඇට වලට පහර දී ඉල ඇට කඩා තිබී ඇති අතර දත් උගුල්ලා, පාදයේ කලවා ප‍්‍රදේශයේ මාංශපේශී වලට වීදුරු කටු වලින් ඇන තුවාල කොට අස්ථි බිඳ ඇති බව වාර්තා වල දැක්වේ.

මළ සිරුර කොළඹ නාරාහේන්පිට උද්‍යාන පාරේ ගිනි ගෙන තිබූ මෝටර් රථයක් තුල තිබී කිරුලපොන පොලිසිය විසින් සොයාගත්තේ 2012.05.16 වන දින අතර එය මිනීමැරුමක් බව සඟවා රිය අනතුරක් ලෙස පෙන්වීමට බල කරන ලද්දේ එවක කොළඹ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ ඍජු නියෝග මතය. එහිදී නිලධාරීන්ගේ සටහන් පොත් වල තැබූ සටහන් පවා ඉරා දමා ඇතැයි දැනගන්නට තිබේ.

වත්මන් රහස් පොලිස් පරීක්ෂණ මෙහෙයවන්නේ වෝහාරික සාක්කි මත පදනම්ව මිස ඉහත කී පොලිස් පරීක්ෂණයේ විකෘතිය මත නොවේ. විකෘති සටහන් තැබීම ගැන පරීක්ෂණ සිදුකෙළේ නම් විකෘති සටහන් තැබීමට නියෝග දුන්
නියෝජ්‍ය පොලිස්පති ප්‍රශ්න කිරීමට ලක් කළ යුතුමය.

කෙසේ වෙතත් එකල පොලිසිය කළ විකෘති පරීක්‍ෂණ වලින් පසු රිය අනතුරකින් සිදු වූ මරණයක් බවට තීන්දු කිරීමෙන් අනතුරුව දෙහිවල ජුම්මා මස්ජීඩ් මුස්ලිම් පල්ලියේ භූමදානය කර ඇත.

එම සුසාන භූමිය වෙත මේ වන විට පොලිස් ආරක්‍ෂාව යොදා ඇති අතර නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමෙන් පසු  රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිරාන් රත්නායක මහතාගේ අධීක්‍ෂණය යටතේ රගර් කී‍්‍රඩකයාගේ මළසිරුර යළි ගොඩ ගෙන පශ්චාත් පරීක්‍ෂණයක් නැවත සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස රහස් පොලීසිය කළ ඉල්ලිමට උසාවිය අවසර දී තිබේ.

කොළඹ ප‍්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, කොළඹ අධිකරණ අතිරේක විශේෂඥ වෛද්‍ය එච්.ඞී.එන්.හේවගේ හා කොළඹ විශ්ව විද්‍යාලයයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය කථිකාචාර්ය ජීවා පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම ඉදිරියේ මෙම මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

මෙලෙස නීත්‍යාණුකූලව මේ කටයුතු සිදුවෙද්දී නීතිඥයෙකුද වන සුසිල් ප්‍රේම් ජයන්ත ප්‍රසිද්ධියේ කියා සිටියේ මෙලෙස මළ සිරුරක් ගොඩ ගැනීම නීති විරෝධී බවයි. සුසිල් මේ ශිෂ්ඨාචාර සමාජයට කෙතරම් නොගැලපෙන්නෙක් දැයි ඒ කතාවෙන් ඔප්පු කෙරිණ.


තජුඩීන් මහතාගේ පවුලේ අය සමග ලයිෆ් සංස්කරණය විසින් පසුගියදා කරන ලද සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයක් පහතින්.

• මෙම සිදුවීම‍ට දැන් වසර 3ක් ගතවෙලා. ඔහුගේ පවුල විදිහ‍ට ඔබලා මෙයට මුහුණදුන් ආකාරය?

 
“වසීම් තවදුරටත් අප අතර නැති බවත් ඔහු සදහටම අපෙන් වෙන්වී ගොස් ඇති බවත් සිතන විටත් අපට එය සිහිනයක් වාගෙයි. ඔහු අපෙන් වෙන්ව ගොස් දැන් වසර 3ක් ගතවී ඇතත් තවමත් ඔහුගේ වියෝව පෑරුණු තුවාලයක් මෙන් අප වේදනාවට පත් කරනවා. වසීම් වගේ තවත් කෙනෙක් අපට නෑ. දැන් සිදුවෙමින් පවතින දේවලුත් සමග අපේ වේදනාව දිනෙන් දින තවත් වැඩි වෙනවා.

ඔහුගේ පවුලේ අයට ඔහුගේ අඩුව විවිධාකාරයෙන් දැනෙනවා. මගේ දෙමව්පියෝ ඉස්සර හිටි අය නෙමේ. ඉස්ලාම් දහම නිසා ඔවුන්ට තමන්ගේ දුක දරාගැනීමට අවශ්‍ය ශක්තිය ලැබී තිබෙනවා.

දුක ටිකකට හෝ අමතක කිරීමට අප නිතරම කාර්යබහුලව සිටීමට උත්සාහ කරනවා. ඔහුගේ වියෝව නිසා දැන් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.“

• පසුගිය මාස කිහිපය තුල මෙම සිදුවීම දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් කථාබහට ලක්වුණා. ඒ ගැන ඔබේ අදහස?

“වසීම්ගේ මරණය සිදු වූ දා සිට එය සමාජයේ කථාබහට ලක්වුනු අතර පසුගිය මැතිවරණ සමයේ පටන් එය දේශපාලන විවාදයක් බවට ද පත්ව තිබෙනවා. අප හැමෝම දන්නා විදියට ඔහුගේ මරණය නොවිසඳුනු අභිරහසක්. ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණය නිසි පරිදි අවසන් නොවූ අතර එම සිදුවීම පිළිබඳ මතකය දැන් සමාජයෙන් ගිලිහී යමින් තිබෙනවා.

එම නිසා මෙම නඩුව උසාවියේ නැවත විභාග කිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කල නායකයන් හා ජනතාව මා බෙහෙවින් අගය කරනවා. මෙම සිදුවීම තවදුරටත් ප්‍රහේලිකාවක් නැතහොත් සමාජයේ කතාබහට ලක්වෙන කාරණාවක් පමණක් නොවිය යුතු අතර එය අධිකරණය විසින් අවසාන වශයෙන් ලබාදෙන කුමන හෝ තීන්දුවක් මගින් කෙලවර වියයුතු බව අප තරයේ විශ්වාස කරනවා.

වසීම් අපෙන් වියෝ වූ බවට සිත හදාගැනීමට හැකි වන්නේ එවිට පමණයි. විවිධාකාරයේ පුවත් වලට කන්දෙමින් දිගින් දිගටම මෙලෙසින් පීඩාවට පත්වීම එවිට අවසන් වනු ඇත. දේශපාලන පක්ෂ විසින් තම දේශපාලන වාසි තකා මෙම සිද්ධිය යොදාගැනීම තුලින් ඔහුට හෝ ඔහුගේ පවුලේ අය වන අපට කිසිදු සෙතක් අත්නොවන බව මවිසින් මෙහිලා සිහි කිරීමට කැමැතියි. එබැවින් වසීම්ව දේශපාලන තුරුම්පුවක් බවට පත් කර නොගන්නා ලෙස මා ඉතා කණගාටුවෙන් යුතුව ඉල්ලා සිටිනවා. “

• මෙම තත්වය ඔහුගේ පවුල වශයෙන් ඔබලාට  බලපාන්නේ කෙසේද?

“ මම කලින් පැවසූ පරිදි,  වසීම්ගේ හදිසි මරණයෙන් අප දැඩි සේ කම්පාවට පත්ව සිටින අතර එම සිද්ධිය දේශපාලන වේදිකාවේ විවාදයට ලක්වීමෙන් හෝ මාධ්‍ය වලින් කථාබහට ලක් විමෙන් සිදුවන්නේ අපේ දුක වැඩිවීම පමණයි. එනිසා අප ඉල්ලා සිටින්නේ ඔහුගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි. “

• ඔහු සම්බන්ධයෙන්  මෙම ලිපිය කියවන අය සමඟ බෙදාගැනීමට කැමති තොරතුරු මොනවාද?

“වසීම් කියන්නේ ජීවයෙන් පිරුණු චරිතයක්. ඔහුගේ වයසේ තරුණයෙක් සතු විය යුතු සියලු හැකියාවන් ඔහුට තිබුණා. ඔහු ඉතාම නිහතමානී පුද්ගලයෙක්. ඔහු සැබෑ දේශප්‍රේමියෙක්. ඔහු මේ රටට දැඩි ලෙස ආදරය කලා. ඔහු කිසිවිටකත් අසාධාරණය ඉවසුවේ නෑ. සැමවිටම සමානාත්මතාවය අගය කලා. අපගේ සිනාවත්, ජීවිතයත් ඔහුයි. ඔහුගේ වියෝව කිසිදා  පිරවිය නොහැකි හිස්තැනක් අපේ ජීවිත තුල ඇතිකරලා හමාරයි.“

• ඔබ හිතනවාද බලධාරීන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් තියෙනවායි කියා?

“ බලධාරින් යනුවෙන් ඔබ හඳුන්වන්නේ සී.අයි.ඩී. ය නම්, ඔවුන් මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ පවුල විදිහට අපි විශ්වාස කරනවා සත්‍යය ලඟදීම හෙලිවී සාධාරණය ඉෂ්ඨ වෙයි කියා. වසර 3කට පෙර සිදුවූ සිද්ධියක් අධිකරණයේදී ක්ෂණිකව විසඳා අවසන් කිරීම අපහසු බව මා පිලිගන්නවා. “

• තාජුදීන් අනුස්මරණ රග්බි තරඟාවලිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි. ඒ ගැන වැඩිදුර විස්තර?

“වසීම් තාජුදීන් අනුස්මරණ කුසලානය’ අගෝස්තු 8 වන දින දෙවන වරටත් පැවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කිරීම වෙනුවෙන් එහි සංවිධායක කමිටුවට මෙන්ම වසීම්ගේ හිතමිතුරන්ට මාගේ අවංක ස්තූතිය මේ අවස්ථාවේ දී ඵලකිරීමට කැමතියි.“

• මෙම සිද්ධිය හා ඒ හා බැඳුනු විවිධ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියෙන් ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද?

“මාගේ කාරුණික ඉල්ලීම මගේ සොහොයුරාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙසයි. මාගේ ඉල්ලීම වන්නේ සාධාරණය ඉෂ්ඨ වීමට නම් මෙම සිදුවීම තවදුරටත් නොවිසදුනු ප්‍රෙහේලිකාවක්, විවාදයට තුඩු දුන් කථා පුවතක් හෝ රට පුරා කථා බහට ලක්වෙන මාතෘකාවක් පමණක් නොවී මෙම නඩුව විසඳා අවසන් කල යුතු බවයි.


එම නිසා මෙම නඩුව නැවත විභාග කිරීමට අවශ්‍ය කටයුතු කළ නායකයන්ට හා ජනතාවට මාගේ ස්තූතිය පලකරන අතරම ඔහුගේ මරණය දේශපාලන කථිකාකවතක් කර නොගන්නා ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. “

• තාජුදීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හඳුන්වා ඇති තත්වයක් තුල ඔබ විසින් අපේක්ෂා කරන්නේ කවරාකාරයේ සාධාරණයක්ද?

“මෙම නඩුව තවමත් විභාග කොට අවසන් වී නොමැති නිසා මා කියා සිටින්නේ තාජුදීන්ගේ මරණය ඝාතනයක් නම් ඊට වරදකරු නීතිය ඉදිරියට පමුණුවා නිසි දඬුවම් ලබා දිය යුතු බවයි. මාගේ විශ්වාසය පරිදි නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන විය යුතුයි. 


අවසන් වශයෙන් මා පතන්නේ මෙවන් දුකක් තවත් මවකට හෝ පවුලකට කිසිදා අත් නොවේවා කියායි. එසේම කිසිදු අයෙක් මෙවන් අවාසනාවන්ත මරණයකට ලක් නොවේවා කියාත් මා ප්‍රාර්ථනා කරනවා. “

•  ඔබ වචන 3 කින් වසීම් හඳුන්වන්නේ කෙසේද?

“වචන වලින් කිවනොහැකියි“
 
Related Posts with Thumbnails