Ads 468x60px

.

බුද්ධි අංශ වාර්තා මගින් ජය පරාජය හදුනාගන්නට හැකිනම් මැතිවරණ පවත්වන්නේ ඇයි..?


මැතිවරණයට පෙරාතුව රාජ්‍ය බුද්ධි අංශ විසින් පසුගිය සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිනන්නේ කවුරුන්ද යන්න ගැන සිදු කළ සමීක්ෂණයක් ලෙස බුද්ධි අංශ වාර්තාව ලබා දුන් බව අප වෙත වාර්තා වුණා.

මෙවර මහමැතිවරණයට ජනතාව ඇන්දවීමට විවිධ අය යොදාගන්නා උපක්‍රම අතර පසුගිය සතියේ ජනප්‍රිය මාතෘතාවක්වී තිබුනේ එම බුද්ධි
අංශ වාර්තාවයි. ඒ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය ජයගන්නා බව එක් මාධ්‍යයක් වාර්තා කරද්දී තවත් මාධ්‍යයකින් කියැවුනේ බුද්ධි අංශ වාර්තාව අනුව එජනිසය ජයගන්නා බවකි.

මේ ආකාරයේ බුද්ධි අංශ වාර්තාවක් සත්‍ය වශයෙන්ම පිළියෙල කරාද යන්න තවම කිසිවෙකු තහවුරු කර නැත. අනෙක් අතට බුද්ධි අංශ වාර්තා මගින් ජය පරාජය හදුනාගන්නට හැකිනම් මැතිවරණ පැවැත්වීමේ වියදම්ද ඉතිරි කරගත හැකිය.


පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද පැරදෙන බවට මැතිවරණ පූර්ව සමයේ බුද්ධි අංශ වාර්තාවක් තිබූ බවත් ඒ ගැන එකල වාර්තා කළ රාවය පුවත්පතට ප්‍රශ්න මතුවූ බවත් ප්‍රකට කාරණාවකි. 


මේ මතකය ඔස්සේ මෙවර මැතිවරණය ගැන බුද්ධි අංශ මාර්කට් කිරීම ඇතැම්විට ප්‍රතිඵලදායක විය හැකි බව මෙම නිර්මාණ කරුවන් සිතන්නට ඇත. 3 වන සඳුදා තැපැල් ඡන්දය ප්‍රකාශ කරන නිසාම ඊට පෙර සතියේ මෙම සමීක්ෂණ ගැන පරස්පර තොරතුරුද එළිදැක තිබිණි.

නමුත් අපට වාර්තාවන ආකාරයට එවැනි බුද්ධි අංශ වාර්තාවක් කිසිම තැනකින් නිකුත් කර නැත. මැතිවරණ ප්‍රචාරණය පිණිස බුද්ධි අංශ වාර්තා ලෙස එජාපයට සම්බන්ධ හා එජනිසයට සම්බන්ධ මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා දෙකක් පහතින්

එජාප වාර්තාව 



 
Related Posts with Thumbnails